IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඕක හැම තැනම තියෙනවානේ

20160311-ent-51

නිරූපණ ක්ෂේත්‍රයේ නවක මෙන්ම ජනප්‍රිත්වයට පත්ව ඇති හරිනි පෙරේරා ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගනිමින් පවතී.

ඇයි model කෙනෙක් වෙන්න හිතුවේ?

20160311-ent-54ඇත්තටම මේක අහම්බයක්. අහම්බයක් තියෙන්නෙ මගේ අම්මා ගුවන් විදුලියේ වැඩ කළා. අම්මගෙ පවුලෙ අය මේ field එකේ වැඩ කරනවා. ඒ පසුබිමත් එක්ක වෙන්න ඇති මේ ආසාව ආවේ. මුලින්ම Pagend එකකට ආවේ. ඊට පස්සෙ දිගටම වැඩ කළා. ඒ විදහට තමා model කෙනෙක් වුණේ.

 

කොයි කාලේ වගේද ඔයා ක්ෂේත්‍රයට ආවේ?

2012 අවුරැද්දෙ අන්තිමට වගේ ආවේ. Pagend එකකට තමා මුලින්ම සහභාගී වුණේ. ලෝඩිං වෝ සහ නික්ලෙසන්ස් තමයි මගේ මුල ගුරැවරැ. ඒ අයගෙන් තමයි මම මුලින්ම modeling ඉගෙන ගත්තෙ. මුල්ම Pagend එකෙන් title win කරලා දෙරණ මිස් ශ්‍රී ලංකා ආවා. ඊට පස්සෙ මම කළා best model of the world කියලා pagend එකක්. ඔය විදිහටතමයි මම ආවේ. Title win කරලත් තියෙනවා.

 

කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්නවෙලා නැද්ද?

ඕක ඉතිං හැමතැම තියෙන දෙයක්නෙ. එහෙම වුණා කියලා මට ප්‍රශ්නයක් වෙලා නෑ. අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙත් ඒ දේවල් එක්ක තමයි. මට විශේෂයෙන් කියලා කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලත් නෑ. හැබැයි ඉතිං ඒවා අභියෝග විදිහට භාරගන්නත් පුළුවන් වෙන්න ඕනෙ.

 

නිරෑපණ ක්ෂෙත්‍රය ගැන අපේ රටේ ඇතැම් අයට තියෙන්නෙ හොද ආකල්පයක් නෙවෙයි. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මෙහෙමනෙ ගොඩක් අය models ලා ගැන හිතන්නෙ බාගෙට ඇදුම් අඳින කට්ටියක් විදිහට. ගොඩක් වෙලාවට කිසිම තේරැමක් නැතිව තමයි ඔය එක එක කතා කියන්නෙ. Field එක ගැන කිසිම අදහසක් නැතිව තමයි කතා කරන්නෙ. Model කෙනෙක් කියන්නෙ එක්තරා විදිහක පාරිභෝගිකයෙක්.

භාණ්ඩයක් වෙන්න පුළුවන්, ගෘහ උපකරණයක් වෙන්න පුළුවන්. මොනවහරි Product එකක් වෙන්න පුළුවන්, විලාසිතාවක් වෙන්න පුළුවන් ඒවා මහජනයාට ඉදිරිපත් කරන්නෙ model කෙනෙක් කියන්නෙ බාගෙට අඳින මොළයක් නැති කෙනෙක් විදිහට. ලංකාවේ එහෙම වුණාට ජාත්‍යන්තරයේ එහෙම නෑ. නිළියෙකුටත් වඩා වටින තැනක් model කෙනෙකුට තියෙනවා.

 

මේ field එක ඇතුළේ ඔයාගේ ඉලක්කය මොකක්ද?

මම ඇත්තටම කැමති අන්තර්ජාතික මට්ටමට යන්න. ඒ සඳහා මම දැනටමත් අවශ්‍ය දේවල් සපුරා ගනිමින් ඉන්නෙ.

 

ක්ෂේත්‍රය තුළ මුණගැහුණ හොඳ මිතුරිය ගැන කතා කළොත්?

ෂෙනෝව හම්බුණේ 2014දි. Pagend එකකදි.

 

ඔයා දකින විදහට එයාව හොඳ මිතුරියක් වෙන්න හේතු වුණ කාරණා මොනවද?

ෂෙනෝ ගොඩක් friendly. උදව් කරනවා. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.

 

එකම ක්ෂේත්‍රයෙදි යාළුකම වගේම තරගකාරිත්වයක් වැදගත් නේද?

අයියෝ එහෙම දෙයක් නෑ. ක්ෂේත්‍රය කියන්නෙ වෙනම දෙයක්. නමුත් අපි අතරේ තියෙන සහෝදරත්වය වෙනම තියෙනවා. ඒවා වැඩවලට බාධාවක් වෙලා නෑ.

 

හොඳම මිතුරියක් වෙනුවෙන් ඔයා මොනවගේ සුභපැතුමක්ද එක් කරන්නෙ?

මම හිතන්නෙ එයාගේ උපරිමයටම එයා යන්න ඕන. දක්ෂතා රුසක් තියෙන කෙනෙක්. එයාගේ හැකියාව ගැන එයා දන්නවා. ඒ නිසා මම හිතනවා එයාට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.

 

ආශිකා

DESHAYA

20160311-ent-52

MORE-IMG



අදහස් (0)

ඕක හැම තැනම තියෙනවානේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site