පසුගිය ටිකේ ඔබ ලංකාවේ හිටියේ නැහැ නේද?
අපේ ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුම අයියාගේ ආරාධනාවක් ලැබුණා ඔස්ට්‍රේලියාවේ කලා කටයුත්තකට සහභාගී වෙන්න කියලා. මේ කලා ප්‍රසංගය තිබුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. 'දෝන ඉසබෙලා' කියලා තමයි කලා ප්‍රසංගය නම් කරලා තිබුණේ. මා සමගින් මේ වැඩ කටයුත්තට ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිප දෙනෙකුත් සම්බන්ධ වුණා. මෙහි මා කුවේණි, ගජමන් නෝනා කියන චරිතත්, නර්තන අංග කිහිපයකටත් දායක වුණා.
කොහොමද ඔස්ට්‍රේලියාවේදී ඔබට රසික පිළිගැනීම?
ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ලංකාවට සමාන එහිදීත් මට හොඳ රසික පිළිගැනීමක් තිබුණා. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ වෙසෙන රසික රසිකාවියෝ අපිත් එක්ක කතා කළා ඡායාරූප ගත්තා. ඇත්තටම හොඳ රසික අත්දැකීමක් මට එහිදී විඳගන්න පුළුවන් වුණා. ඇතත්ටම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ වැඩකටයුත්ත සංවිධානය කළ ශ්‍රීනාත් අයියා සහ ඔහුගේ බිරිඳව ආදරයෙන් මතක් කරන්න ඕනා.
දිලිනිව අපි මේ දවස්වල ටෙලිනාට්‍යය කිහිපයකින්ම දකිනවා?
සෙනසුරාදා රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනි නාළිකාව තුළ විකාශය වෙන 'නැට්ටුකාරියෝ' ටෙලිනාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. ඊට අමතරව සුදත්ත තිලකසිරි අයියාගේ 'නෙරංජනා' කියන අලුත්ම ටෙලි නාට්‍යය තුළිනුත් මාව දකින්න පුළුවන්. මේ ටෙලිනාට්‍යය ජුනි 30 වැනිදා සිට රාත්‍රි 9.00 ස්වාධීන රූපවාහිනි නාළිකාව ඔස්සෙ විකාශය වෙනවා.
ඉදිරියට එන්න තියෙන ටෙලිනාට්‍යය?
මේ දවස්වල ටෙලිනාට්‍යය තුනක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දවස්වල 'පහන් කළුවර' කියලා අලුත් ටෙලියක වැඩ කරනවා. දැනට මේ ටෙලිනාට්‍යය 'පහන් කළුවර' කියලා තමයි නම් කරලා තියෙන්නේ. නමුත්, මෙහි නම බොහෝදුරට ඉදිරියේදී වෙනස් වේවි කියලා හිතනවා. ඊට අමතරව සුරංජන් විජේනාමගේ අලුත් ටෙලියකත්, ධම්මික තිසේරාගේ අලුත් ටෙලියකත් වැඩ කරනවා. ඉතින් මේ නිර්මාණ හරහා ඉදිරියේදී මාව මගේ රසිකයන්ට දැකගන්න පුළුවන් වේවි.
මේ දිනවල ඔබ තරමක් කාර්යබහුලයි කියන්නේ ඇත්තද?
ටිකක් විතර. මොකද භාරගත්ත ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. ඒ වගේම මීට සති කිහිපයකට මම කලා කටයුත්තකට ඔස්ට්‍රේලියාවේ ගියා. ඉතින් භාරගත්ත වැඩ ටිකකුත් අතරමග නතර කරලා තමයි ගියේ. ඒ නිසා මේ දවස්වල් ඒ වැඩත් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා.
ඒ කියන්නේ ඔබ චරිත තෝරා බේරාගැනීමක් කරනවා?
නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලෙ ඉඳලාම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත් අධ්‍යක්ෂවරු මට හැම වෙලාවෙම ලබා දුන්නේ මට ගැළපෙනවා කියන ටෙලි චරිත. ඉතින් මට චරිත තෝරා බේරාගැනීමක් කරන්න අවශ්‍යතාවක් මතු වුණේ නැහැ.
රංගන ශිල්පිනියෝ ගොඩ දෙනෙක් දැන් ගීත රූප රචනාවල දකිනවා. දිලිනිවත් අපිට රූප රචනා තුළින් දකින්න පුළුවන්ද?
ඇත්තටම ඒ පැත්තට නම් ලොකුවට මම සම්බන්ධ වෙලා නැහැ. දැනට රූප රචනා 4ක් විතර මම දායක වෙලා ඇති. අන්තිමටම රූප රචනාවක් කළෙ නාමල් උඩුගම මහත්මයාගේ අලුත්ම ගීතයට.
බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඔස්ට්‍රේලියාවේදී ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා