IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔස්කාර් සම්මාන උළෙල - 2016

2016-03-02-ent-17

2016-03-02-ent-18

2016-03-02-ent-13හොලිවුඩ් සිනමා සංස්කෘතියේ වැදගත්ම සිනමා සම්මාන උලෙළ වන ඔස්කාර් සම්මාන උලෙළ පසුගිය 28 වැනිදා නිමාවට පත්විය. පසුගිය වසරේ බිහිවූ ජාත්‍යන්තර තලයට ගිය හොලිවුඩ් සිනමාපට වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජීවිත කාලයටම එක්වරක් පිදෙන මාක් පික්ෆෝඩ් ගෞරව සම්මානයෙන් පුද ලැබීමට ඇමෙරිකානු ජනප්‍රිය නිළියක වන ඩෙබී රෙනෝල්ඩ්ස් සමත්වූවාය.

මෙම සම්මාන උලෙළේදීත් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට "Spotlight" සමත් වූ අතර, ඊට නිර්දේශ වූ චිත්‍රපට අතර "The Big Short", "Bridge of Spies", "Brooklyn", "The Martian", "The Revenant" සහ "Room" යන චිත්‍රපට තිබිණ. එහෙත් හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්වූයේ "The Revenant" චිත්‍රපටයේ අධ්‍යක්ෂ රුසියානු ජාතික අලහේන්ද්‍රෝ ඉනාරිටූ.

හොඳම ස්වතන්ත්‍ර තිර පිටපතට හිමි සම්මානයද "Spotlight" චිත්‍රපටය දිනාගත් අතර, එය දිනාගත්තේද මෙහි අධ්‍යක්ෂ ටොම් මැකාති සහ ජෝෂ් සිංගර්ය. හොඳම අනුවර්තිත තිර පිටපතට හිමි සම්මානය දිනාගත්තේ "The Big Short" චිත්‍රපටයේ තිර රචක ඇඩම් මැකේ සහ චාල්ස් රැන්ඩොල්ෆ් දෙදෙනාය.

හොඳම නළුවා ලෙසින් ලියනාඩෝ ඩිකැප්‍රියෝ (The Revenant) සම්මාන දිනාගත් අතර, ඔස්කාර් සම්මාන හතරකදී හොඳම නළුවා සම්මානය අහිමි වූ ඔහුට මෙවර එය දිනාගැනීමට හැකිවීය කාගෙත් කතාබහට ලක් විය. හොඳම නිළිය ලෙසින් බ්‍රී ලාර්සන් (Room) ද සම්මාන දිනාගත් මෙම සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙස මාක් රයිලන්ස් සම්මාන දිනාගත් අතර, ඒ "Bridge of Spies" සිනමාපටය වෙනුවෙනි. හොඳම සහාය නිළිය ලෙස අලීෂියා විකන්දර් සම්මාන දිනාගත් අතර, ඒ "The Danish Girl" සිනමාපටය වෙනුවෙනි. කෙසේ නමුත් එම සම්මානයට කේට් වින්ස්ලට්, රේචල් මැක්ඇඩම්ස්, රූනි මාරා වැනි දක්ෂ නිළියන් කිහිප දෙනෙක්ම නිර්දේශව සිටීම නිසාවෙන් මෙම සම්මානය මතභේදයට තුඩු දී ඇත.

මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවකට නිර්දේශ වූ චිත්‍රපටය බවට "The Revenant" පත් වූ අතර, එය සම්මාන 12කට නිර්දේශ විය. ඉන් සම්මාන තුනක් දිනාගැනීමට එය සමත් විය. කෙසේ නමුත් සම්මාන 10කට නිර්දේශ වූ "Mad Max ; Fury Road" චිත්‍රපටය එයින් සම්මාන 6ක්ම දිනාගැනීමට සමත් විය.

 

  මාලන් විදානපතිරණ 

tharunaya

2016-03-02-ent-10
2016-03-02-ent-11
2016-03-02-ent-12
2016-03-02-ent-14
2016-03-02-ent-15
2016-03-02-ent-16

 



අදහස් (0)

ඔස්කාර් සම්මාන උළෙල - 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site