IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඔෟෂධිය ගුණෙයන් යුත් කුරක්කන්

රාජගිරි ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චි මහතාගේ දේශනයක් ඇසුරෙනි.

කුරක්කන්

මිනිසා  ලෝහය සොයා ගැනිමටත් ප්‍රථම,ගල් යුගයේ සිට භාවිතා  කළ වටිනා ඖෂධිය ධාන්‍ය  වර්ගයකි.කුරක්කන්.

තද දුඹුරු, තැඹිලි,කොළ රතු සහ කළු ආදි පාටින් කුරක්කන්  දක්නට  ලැබේ. පැහැය අනුව වර්ග වන කුරක්කන් වලින්  සුදු පැහැයෙන් යුතු කුරක්කන් පෝෂණ ගුණයෙන්  ඉහළ බව ආයුර්වේදයේදී පෙන්වා දේ.

jrdgse

කුරක්කන් ඇට සහ කොළත් මුළු ශාකයමත් ආයුර්වේදයේ සඳහන් ආකාරයට ඖෂධයක් හැටියට භාවිතයට  ගැනේ. ආහාරයට  ගනු ලබන්නේ ඇට පමණී.

යකඩ හා  කැල්සියම්  බහුලව අඩංගු කුරක්කන්  කිරිදෙන මව්වරුන්ටත්, මාස 6 ඉක්ම වු ඕනෑම වයසක පසුවන දරුවන්ටත්  වඩා යෝග්‍යය.

දහඩිය බිබිලි  සුව කිරිමට  ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස කුරක්කන්  පිටි  ආයුර්වේදයේදි  යොදා  ගැනේ.

පිතට  සහ කැස්සට  ගුණදායි කුරක්කන්  නියුමෝනියා  රෝගින්ටත්  පෙනහළු දුර්වල රෝගින්ටත් ආහාරයක් වශයෙන්  දිම ද වඩා යෝග්‍යය.

මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත ගල් ඇති  රෝගින්ටත් කුරක්කන්  වඩා  සුදුසුය.

බෝ නොවන රෝග අතර  වර්තමානයේ බහුලව දක්නට  ලැබෙන කොලොස්ට්‍රොල්  පාලනයට  සෘජු දායකත්වයක්  කුරක්කන්  භාවිතයෙන් ලබාගත හැකිය.

කෙදි සහිත ගුණයෙන්  ඉහළ කුරක්කන්  මළ බද්ධයට  ගුණධායක අතර  මළ බද්ධය ඇති  නොවිමට ද කුරක්න් භාවිතය යෝග්‍යය.

කැඩුම්  බිඳුම්  වෙදකමේදී  පත්තු  සඳහා  බහුලව භාවිතා  කරන කුරක්කන් , ඉඳිමුම් අවස්ථාවලදී   හීන්බෝවිටියා  කොළ යුෂ කුරක්කන් පිටි දමා  කකාරා  පත්තු සකස්  කර ගනි.

අස්ථි  බිදුණූ  අවස්ථාවලදි  කුරක්කන් පිටි, කළුදුරු, සුදුරු, වියළි කහ , වද කහ, අබ සහ තල , කෑටකෑල යුෂින්  තම්බා  කිතුල්  පැණි මිශ්‍රකර  පත්තු පදමට  පැමිණි පසු ලිපෙන් බා  නිවුණූ  පසු  බිත්තර  සුදුමද මිශ්‍රකර  භාවිතා  කිරිම යෝග්‍යය.

සරම්ප රෝගින්ටත්,වසුරිය රෝගින්ටත් කුරක්කන් එක ලෙස ගුණදායකය.

jyjtfrhy

කුරක්කන්හි ෆයිටික් අම්ලය බහුලව අඩංගු බැවින් පිළීකා  සෛල වර්ධනය අඩු කිරිමටද ඉවහල් වේ.

ආහාර  දිරවිමේ  ක්‍රියාවලියට  ධනාත්මක බලපෑමක්  එල්ල කරන කුරක්කන් දිරවා  අවශෝෂණය කිරිමේ ගුණයව සියයට  හැට එක් ගුණයක්  පමණ වන බවද පර්යෝෂණ වලින් ඔප්පු  වි තිබේ.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළීන්ම ඇති  කුරක්කන් ගැනිමෙන්  වයසට  යාමේදි  ඇතිවන ශරිරය වැහැරිමේ  තත්ත්වය පාලනය කිරිමේ හැකියාවක් ද කුරක්කන්  සතුය.

මැග්නිසියම් බහුල පරණ කුරක්කන් දියවැඩියා  රෝගින්ට රෝගි තත්ත්ව පාලනය කර ගැනිමට  ඖෂධය රෝගි තත්තව පාලනය කර ගැනිමට  ඖෂධයක්  වශයෙන්  මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිතා කළ හැක.

කුරක්කන් ආහාරයට  ගැනිමෙන්  පසුව වේලක්  දෙකක් හෝ ඊට  වැඩි වේලාවක්  කුසගින්නක් නොදැනිම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එයට  මුලික හේතුව වන්නේ  කුරක්කන්  ආහාරයට  ගැනිමෙන්  පසුව උරා ගැනිමේ ක්‍රියාවලිය ඉතා සෙමින්  ක්‍රමානුකුලව සිදුවිමයි.

වසර  2 ක් පමණ පැරණි කුරක්කන්  භාවිතායෙන් වැඩි පෝෂ්‍ය  පදාර්ථ ප්‍රමාණයක්  ශරිරයට  එක්කර  ගත හැකි  බව ආයුර්වේදයේදි  පෙන්වා දේ.

කොල්ලු, මුං ඇට සහ මාළු ව්‍යාංජනයක්  සමඟ ආහාරයට  ගන්නා  කුරක්කන්  තලප අතීතයේ සිට අද දක්වා  ශරිර  ශක්තිය වැඩි  කිරිමට  භාවිතා  කරන ආහාරයකි.

kgvf

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 

 



අදහස් (0)

ඔෟෂධිය ගුණෙයන් යුත් කුරක්කන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site