IMG-LOGO

ඔලුවිල් සරසවිය යලිත් කැළඹෙයි

( වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පළමු වසරේ සිසුන් සිව් දෙනකු සහ ගිලන් රථයේ රියදුරකු ඔලුවිල් රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිසුන් 200ක් පමණ පළමු වසරේ සිසුන්ගේ නේවාසිකාගාරයට කඩාවැදී මෙම පහරදීම කර ඇති බවත් පහරදීම පළමු වසරේ සිසුන් පිරිසක් සහ තෙවන සහ සිව්වෙනි වසරවල්වල සිසුන් විසින් සිදු කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය ජුනි මස ඉංජිනේරු පිඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් පළමු වසරේ සිසුන්ට නවක වදය දෙන අවස්ථාවේ පළමු වසරේ සිසුන් විසින් එය විඩියෝ කර මාධ්‍යට මුදා හැර තිබේ.

එම සිද්ධියට දෙවන වසරේ සිසුන් 20 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති අතර දැනට 12 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු වසරේ සිසුන් සමඟ අනෙක් සිසුන් තරහින් පසුවීම මෙම පහරදිමට හේතුව බව පහරකෑමට ලක්වූ සිසුහු පවසති.

 



අදහස් (5)

ඔලුවිල් සරසවිය යලිත් කැළඹෙයි

Lankabarana Wednesday, 16 July 2025 05:53 AM

රජය අධ්‍යාපනය නොමිලේ දෙනවා නම් විශ්ව විද්‍යාල වේවා විද්‍යාපීඨ වේවා කුමකට ඇතුලත් වුනත් මෙවැනි නොහික්මුණු කටයුතු කලානම් ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කටයුතු කරන්න ඕන නනවකයින්ට අඩම්තේට්ටම් කරන්නෙ හරියට උන්ගෙ අම්මගෙ අප්පගෙ දෙයක් කඩාවඩා ගන්න මංකොල්ලකාරයො ආවා වගේ තමයි මේ නිසා අලුතින් සිසුන් ඇතුලත් කරගන්නා අවස්ථාල නනවකයින්ට හිරිහැර හා අඩම්තේට්ටම් නොකරන බවටත් එවැනි ක්‍රියාවක නිරතවුනොත් ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කැමැත්ත පලකරන ගිවිසුමක් අත්සන් කිරීම කරන්න .එහෙම නැතුව මේ කාළකණ්නියෝ හදන්න අමාරුයි

:       0       4

JayasekaraWednesday, 16 July 2025 12:25 PM

ඔය අයට කරන්න ඕනෑ අවුරුද්දක් ගෙදර යවලා ආයෙමත් ජූනියර් බැජ් එක විදිහට ගන්න. නිකන් දෙන එක අගයක් නැති හැත්තක්...

:       0       2

Deshabandu Wednesday, 16 July 2025 08:51 AM

නවක වදය දෙන නරුමයන්ට කියන්නේ උඹලා කැලඹී කැලඹී හිටපල්ලා. වින්දිතයන්ගේ පිරිස කැලඹිච්ච දාට ඔබලාටයි, ඔබලාගේ පවුල් වල උදව්වටයි දුවන්න පාරවල් වල ඉඩ නැතිවෙයි. පරස්සමින් හිටපල්ලා. බොහොම ඉක්මනට ඔබලාගේ පවුල්වල උදවියට ගෙවල් ඇතුළෙත් හෙල්මට් දාගෙනම ඉන්න වෙයි."

:       0       1

Tiran Wednesday, 16 July 2025 09:09 AM

එහෙම පුලුවන්ද නවක වධය නතර කරන්න. නවක වධය අදුන්වලා දීලා ළමයින්ට වධ දුන්න අලුගෝසුවො රටේ පාලනේ අරන් ඉන්නකොට ඒව නතර වෙනව කියන්නෙ ලැජ්ජාවක් නෙ. හරි නම් ඉස්කෝලෙ සිලබස් වලට දාන්න ඕන නවක වදේ දෙන හැටි. ඊට පස්සෙ සමලිංගික හැසිරීම්, මිනී මරල බෙල්ල කපල ඔලුව වැට ඉන්නෙ ගහන එකයි සාර්ථකව ටයර් සෑයක් හදන එකයි දාන්න ඕන. ලඟදිම ඒව කරයි.

:       2       5

Jayasekara Wednesday, 16 July 2025 09:17 AM

නිකං දෙනකොට ඔහොම තමයි... අදාල සිද්ධියට සම්බන්ධ දෙවන වසරේ දාමරිකයන් අවුරුද්දක් ගෙවල් වලට යවා ... නැවත අවුරුද්දක් පරක්කු කරානම් හරි... කාලකන්නියෝ!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 122 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 335 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site