IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

(රොෂාන් තුෂාර)

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව කියන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්  කමිටුවේ හිටපු  මාධ්‍ය කළමනාකරු ගෝභිනාත් සිවරාජා ජුනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලණ ගමගේ අද  (27) නියෝග කළේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවකට අදාලව අධිකරණය මගින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර තිබී ඇති බවත් එසේ තිබියදී සැකකාර පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළින්  එසේ රහසිගතව විදෙස්ගත වීමට තැත් කිරීමේදී කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය.

ක්‍රීඩා කටයුතුවලට  චීන සමාගමකින් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සැකකිරෙන ගොබිනාත් සිවරාජා ඩාන්ස් ස්පෝර්ට් ශ්‍රී ලංකා නමැති ක්‍රීඩා  සංගමයේ ලේකම් වරයා ලෙස  පෙනී සිට ඇති බවද ක්‍රීඩා කටයතු වලට යැයි පවසමින් මුදල් ලබාගෙන වංචා සිදු කර ඇති බවත්,එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව අධිකරණය මගින් සැකකරුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (1)

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

සෙනෙවිරත්න Monday, 27 May 2024 10:09 PM

ඩයනාටත් ඔය වගේම කලා නම් තමයි නිවැරැදි,

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 494 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site