පසුගියදා තුම්බෝවිලදී මරා දැමුණු මාලදිවයින් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් මාලදිවයින් ජාතිකයකු (21) පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාල දිවයිනේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව මෙරටට පැමිණි මාලදිවයින් ජාතිකයා මරා දැමීමට සැකකරු රුපියල් 1,40,000 ක මුදලක් ලබාගෙන ඇතැයි අනාවරණයවී ඇත.
වෑන් රථයක් මිලදී ගැනීමට යන මුවාවෙන් එම පුද්ගලයා රැගෙන ගොස් මරා දමා ඇතැයිද ඝාතනයට යොදා ගත් පිහියක් හා ඔහුගේ අතේ බැඳි අත් ඔර්ලෝසුවක්ද පොලිසිය සොයාගෙන ඇත. ඝාතනයට ලක්වූ මාල දිවයින් ජාතිකයා එරට මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු බවද පොලිසිය පවසයි.
සැකකරුගේ ජංගම දුරකථනය ඇලකට විසිකර තිබියදී කිමිඳුම්කරුවන් යොදා සොයාගැනීමට හැකිවී ඇති අතර සැකකරුගේ අතේ බැඳි ඔර්ලෝසුවට ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩ ලැබී ඇති බවත් ඒ අනුව සැකකරු සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි. එම අත් ඔර්ලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවත් පොලිසිය සොයාගත් ජංගම දුරකථනය රුපියල් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් එකක් බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔර්ලෝසුවෙන් සැකකරු අල්ලයි