
(සුජිත් හේවාජුලිගේ )
නව ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනා කොළඹ අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය, ගාල්ල, කොළොන්නාව , නුගේගොඩ ගල්කිස්ස යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම ආසාදිතයන් හැත්තෑ පස් දෙනා හඳුනා ගනු ලැබුවේ කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල හැත්තෑ අටක් පසුගිය දිනවල පරීක්ෂා කිරීමේදීය මෙම පරීක්ෂණ වලට අදාල වාර්තාව ඊයේ නිකුත් කෙරිණ .
පරීක්ෂාවට ලක් කෙරුණු ඉතිරි සාම්පල තුනේ තිබී ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව සඳහන් කරන සෞඛ්‍ය අංශ ඔමික්‍රෝන් මෙරට ප්‍රමුඛතම වයිරස ප්‍රභේදයට බවට පත්වෙමින් සිටින බවද අනාවරණය කළේය.
2025 නොවැම්බර් මස 04
851
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2490
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1790
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රොන් නව ආසාදිතයන්ගේ තොරතුරු හෙළි වෙයි