සිරස් සුපර්ස්ටාර්ස් හි නොමැකෙන මතකයක් වන මලිත් පෙරේරාගෙන් තම ආදරණීය රසිකයින්ට ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ගීයයක් තිළිණ කිරීමටයි සූදානම. එහි තොරතුරු පිළිබඳව සහ ඔහුගේ සංගීත දිවිය පිළිබඳ "අද" සමග යෙදුණු කතාබහකි මේ.
මේදින වල තොරතුරු ගැන කතා කලොත්?
ඇත්තෙන්ම කිව්වොත් කියන්න කියලා විශේෂ අලුත් දෙයක් නැහැ. මම දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයත් මට ලැබුණා. ඊට අමරතව ඔස්ට්‍රේලියාවේ වරලත් ගණකාධිවරයෙක් ලෙස කටයුතු කරනවා.
සංගීත කටයුතු පිළිබඳව කතාකලොත්? සංගීත කටයුතු වලින් ඈත්වෙලාද ඉන්නේ? එහෙමත් නැතිනම් වෙනදටත් වඩා ඒ සඳහා අවතීරණ වී තිබෙනවාද?
මම කවදාවත් සංගීත කියන එක නැවැත්තුවේ නැහැ. ටික කාලයක් නිහඬවෙලා හිටියා වෙන්න ඇති, මගේ අලුත් නිර්මාණ වලින් දායක නොවෙන්නට පුළුවන්. නමුත් කවදාකවත් මම සංගීතයෙන් ඈත් වුණේ නැහැ. මම හැමදාම සංගීත පිළිබඳව පුරුදු පුහුණු වෙනවා. සංගීතය කියන්නේ මගේ ලේ ඇට මස් නහර වල දුවන දෙයක්. ඉතිං, සංගීතය කියනදේ හැමදාමත් කරගෙන යනවා.
පෙම්වතුන්ගේ ගීතය පිළිබඳව කතාකලොත්?
ඒ ගීතය එළිදැක්වූයේ පසුගිය ආදරවන්තයින්ගේ දිනයදා. ඒ කිවේවේ, ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින් වෙනුවෙන්ම වෙන්වූ ගිතයක් ලෙස කියන්න පුළුවන්. මේ පිළිබඳවදමිත අයෝද්‍යට මම බොහොම ස්තූති වන්ත වෙනවා. දමිත තමා ඇත්තටම මාත් එක්ක කතාකරලා, උනන්දු වෙලා මේ වැඩේ කරේ."ඔබ ආවා" කියන ගීතය තමයි ආදරවන්තයින් වෙනුවන්ම ලැබෙන තිළිණය වෙන්නේ. මේ ගීතයේ සංගීත දමිත් අයෝද්‍ය, පද රචනය ජගත් පෙරේරාගේ සහ මියුසික් වීඩියෝව අජන්ත ඒකනායක විසිනුයි කරනු ලැබුවේ.
සිංහල ගීත වලට අමරතව ඉංග්‍රීසි භාෂාවෙන් ගීතයක් කරනු ලැබුවානේද?
ඔව්, ඒක තමා මගේ පළමු ඉංග්‍රීසි ගීතය වන්නේ. ඒ ගීතයCover Songඑකක් ලෙස කරනු ලැබුවා. මේ මාසයේදී එය එළිදක්වන්න හිතාගෙනයි ඉන්නේ. ඉතිං ඒක එලිදක්වනකන් ගොඩක් සතුටෙන් බලාගෙන ඉන්නවා.
ඔස්ට්‍රේලියාවේදීත් සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවාද?
ඔව්, සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙන්න කියලාමට එහෙදිත් ආරාධනා ලැබෙනවා. නමුත් මගේ ඉල්ලීම් වලට ගරු කරන සංවිධානයකවරුන් විසින් සංවිධානය කරන ප්‍රසංග සඳහා පමණක් මම සහභාගී වෙනවා.
ඔබ "සුපර්ස්ටාර්" වෙලා ලංකාවේ හිටපු කාලයේ සහ දැන් ලංකාවේ සංගීතය තුළ වෙනසක් සහ දියුණුවක් ඔබ දකිනවාද?
අලුත් ගීත නිකුත් කිරීම සහ මියුසික් වීඩියෝ කියන කර්මාන්තය තුළ ලොකු දියුණුවක් දකිනවා. අලුත් ගීත එළියට එන ප්‍රමාණයට අලුත් ගායකයොත් බිහිවෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්. නමුත් ගීත වල තියෙන ගුණාත්මකභාවයන් ඉතාමත් අඩුයි.ඒ දවස්වල තිබුණු මියුසික් වීඩියෝ සහ ගීත ගැන බලද්දී දැන් තිබෙන දේවල් වල ගුණාත්මභාවයන් ඉතාමත් අඩුයි. ඒ දේවල් එක්ක සංසන්දය කරද්දී බොහෝම අතලොස්සක් තමයි අද ඉන්නේ. හරියට කිව්වොත්"සප්ත" ගීත ගායනා කරගන්න පුළුවන් ගායකයන් බොහෝම අතලොස්සක් තමයි අද ඉන්නේ කියලා තමයි මගේ නම් විශ්වාසය. මට ඇහෙන සින්දු වල හැටියට සහ ලංකාවේ හිටපු ටික කාලය තුල මට සෑහීමකට පත්වෙන්න බැහැ. නමුත් කර්මාන්තය දියුණු වීම පිළිබඳව සතුටක් තියෙනවා.
හරයක් නැති බිහිවීමට සාධාරණ හේතුවක් තියෙනවාද?
මට ඒකට මාධ්‍යයට ඇඟිල්ලක් උස්සන්න වෙනවා. මාධ්‍ය තුලින් හැම ගීතයම කිසිම තරාතිරමක් නැතිව, නිර්ණායකයක් නැතුව හම්බවෙන හැම ගීතයක්ම ප්‍රචාරය කරනවා. ගීත නිෂ්පාදනය කරන අයත් දැනගන්නට ඕනේ ගායකයෙක් යනු, ගායකයෙක් වනාහි, කිනම් පුද්ගලයෙක්ද, ඔහු තුළ තිබිය යුතු කුසලාතවන් මොනවාද? කෙනෙකුට තේරුම් කරලා දීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. මම හිතන්නේ ඒක සිද්ධවෙන්නේ නැහැ. ඕනකෙනෙක්ට සිංදුවක් කරන්න ඕනෙ කිව්වාහම සින්දුවක් කරලා එළියට දානවා. ගායකයෙක් කියන එක එකපාරටම බිහිවෙන දෙයක් නොවෙයි.
මම සංගීත හැඳෑරුවේ මට අවුරුදු දොළහේ සිටයි. සංගීතය හදාරලා, පාසල් මට්ටමෙන් සංගීතයන් දිනලා, ඒවගේ දේවල් කරලා තමයි ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. සුපර් ස්ටාර් තුලින් එළියට ආවත්, ඊට පෙර පසුබිමක් සහිතව තමා කරලියට ආවේ. ඒක මම අද දකින්නේ නැහැ. වචන ටිකක් දැම්මා, සිංදුවක් තාලයට කිව්වා, ඔන්න ගායකයා බිහිවුණා. ඒක නිසා ගායකයෙක් වශයෙන් හා යම්තාක් දුරට සංගීතය ඉගෙන ගත්ත පුද්ගලයෙකු වශයෙන් කිසිම දෙයක් පිළිබඳව සෑහීමට පත්වෙන්න බැහැ.
ඔබ කියන්නේ ලංකාවේ මාධ්‍ය තුලින් ගීතයන් ප්‍රචාරණය කිරීමේදී වාරණයක් තිබිය යුතුයි කියලද?
ඒක අනිවාර්යයි. ඒක නැතිනම් කිසිම දෙයක ප්‍රමිතියක් නැහැ කියලයි හිතෙන්නේ. හැම දෙයකටම නිර්ණායකයක් තියෙන්න ඕනේ, එහෙම නැතිව කිසිම දෙයක් එක පාරට කරන්න බැහැනේ. කෙනෙකුට වුණත් හරියන දේවල් තියෙනවා බැරවෙන දේවල් තියෙනවා. ගොඩක් අයට තාලයට ගීතයක් ගායනා කරන්න පුළුවන්. නමුත් ගීතයේ ඇති ගුණාත්මක භාවය රැකගෙන ගීතයක් ගායනා කරන්න විශේෂ කුසලතාවයන් තිබිය යුතුමයි. නැත්නම් අද ඉන්න හැමෝම ගායකයෝ වෙනවානේ. ඉතිහාසය ගත්තාම, මොහිදීන් බෙග්, විශාරද අමරදේව, විශාරද සුනිල් එදිරිසිංහ වැනි ගායකයන්ගේ ගීත වල තිබෙන ගුණාත්මක භාවය පිළිබඳව ගත්තාම ඔවුනට හැකි ගායන කුසලාතාවයන් මනාව පැහැදිලි වෙනවා. ඉතිං ඒ මට්ටමට ලං කරන්න පුළුවන් ගායකයන් අද ඉන්නේ ඉතාමත් අතලොස්සයි.
ගීතයක ගුණාත්මය භාවය අඩුවෙන්නේ දියුණු වන තාක්ෂණය නිසාද?
ඒක ඇත්තටම වෙන්නේ, සල්ලි හොයන්න සහ මම පොරක් කියන සංකල්පය නිසයි. ගීතයක් ගායනා කරපුවහම "මම පොරක්" මියුසික් වීඩියෝවක් එළියට දැම්මාම "මම පොරක්" කියන සංකල්පය තමයි හැමෝගේම ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ, ගීතයක් කරපු පලියට හෝ මියුසික් වීඩියෝවක් කරපු පළියටකවුරුත් එහෙම පොරක් වෙන්නේ නැහැ. කරන දේ හරියට කරන එක තමයි පොරක් වෙනවා කියන එකෙන් අදහස් විය යුත්තේ. ඔය කියන සංකල්පය තමයි වෙනස් වෙන්නට ඕනේ. එක අතකට මම මේදේවල් ගැන කතාකරන්නේ කලකිරීමෙන්. කොයිතාක් දුරට මේදේවල් විවේචනය කරන්න අයිතිය තියෙනවද කියල මම දන්නේ නැහැ. ඒ අයිතිය තිබුණත් නැතත් මම ඇත්ත කියන්න ඕනනේ.
ඔබගේ රසිකයින් මොනාද කියන්න තියෙන්නේ?
කාලයෙන් කාලේට මගේ අලුත් නිර්මාණ බිහිවෙනවා. මට චිත්‍රපට කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා රංගනයෙන් දායක වෙන්න. සමහර විට මට හිතුනොත් මම ඉදිරියේදී රංගනයෙන් දායක වෙයි. මගේ එක්ක ඉන්න එක ගැන මගේ රසිකයින්ට බොහෝම ස්තූති වන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔබ ආවා... ආදරවන්තයන්ගේ ගීතයක්