IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔබේසේකරපුරෙත් වෙඩි තැබීමක්

කඹුරුපිටියේ හර්ෂ සී යසස්ට රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.ඔහු දින කිහිපයකට පෙර මාතර උසාවියෙන් ඇප ලබා සිටියේය.

පපුවට වැදුනු වෙඩි පහරින් තුවාල ලැබූ ඔහුට ඇන් සැත්කමක් කිරීමට ශල්‍යාගාරයට ඇතුලත් කරන බව කොළඹ ජාතික රෝහල කියයි.

මෙම පුද්ගලයාට එරෙහිව මිනී මැරුම් ඇතුළු අපරාද රුසක නඩු ඇතැයි පොලිසිය කියයි.

යසස් බත් කමින් සිටියදී යතුරුපැදිකරුවන් දෙදෙනකු පැමිණි බවත් එක් අයකු කළු ජැකට්ටුවක් ඇඳ ෆුල්ෆේස් හෙල්මටයක් පැළඳ සිටි බවත් අනෙක් පුද්ගලයා සුදු ටීෂර්ටයක් ඇඳ මුහුණ ආවරණය කරගෙන සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.

ගේ ඇතුළටම ආ මෙම දෙදෙනා ඔහුට වෙඩි තබා නිමේෂයකින් පළා ගිය බව පෙනේ යැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ඔබේසේකරපුරෙත් වෙඩි තැබීමක්

බන්දුල Thursday, 03 March 2016 09:26 AM

පරණ විදියටම අලුත් වැඩේ නැගලා යනවා. මේකද වෙනස.(හේ)

:       0       0

සුගත් Thursday, 03 March 2016 10:31 AM

අවි ගත්තෝ අවියෙන් නසිති ,මේ වෙඩි කන්නේ හොඳ අය නොවෙයි .(ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 03 March 2016 10:48 AM

අවි ගත්තෝ අවි වලින්ම නසිති. (ම)

:       0       0

වෙල්ගම Thursday, 03 March 2016 11:13 AM

පාතාලය සීඝ්‍රයෙන් හිස ඔසවනවා. සැබෑ වෙනසක් (ම)

:       0       0

ශානක Thursday, 03 March 2016 11:27 AM

මේක තමයි අපි ලබපු වෙනස. (ර)

:       0       0

රොමේෂ් Thursday, 03 March 2016 11:31 AM

මේ ක්‍රමය වෙනස් කරන්න තමයි අලුත් ආණ්ඩුවක් ආවේ. මේ කරන්නෙත් ඒ අය කරපු එකම තමයි. මේ අයත් නැති ඒ අයත් නැති වෙනමම බලවේගයක අවශ්‍යතාව ජනතාවට හොඳින්ම දැනෙනවා. අවාසනාවට කතිරේ ගහන්න යද්දී ආයෙත් රැවටෙනවා. (ර)

:       0       0

සුමිත් Thursday, 03 March 2016 11:41 AM

අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා හිටියම හරි ඔක්කොම. අවි ගන්න බැරි වෙන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. හැමදාම මරාගන්නවා. (ර)

:       0       0

රොෂාන් Thursday, 03 March 2016 11:49 AM

මේවා දැන් වැඩි වෙන පාටයි. (ර)

:       0       0

ඇන්ටන් Thursday, 03 March 2016 12:09 PM

අවි ගත්තෝ අවියෙන් නසී කෙසේ වෙතත් මෙහෙම ගියොත් අපිත් නිකම්ම මැරුම් කාවී.(හේ)

:       0       0

මල්ෂාන් පෙරේරා Thursday, 03 March 2016 12:20 PM

මේකේ ප්‍රති ප්‍රහාරය කොහේ වෙයිද? (බ)

:       0       0

පරාක්‍රම Thursday, 03 March 2016 12:16 PM

යමෙක් සතුව නීත්‍යානුකුල හෝ අනවසර හෝ ගිනි අවියක් තිබෙන බව වෙනත් අය දැනගෙන සිටියත් නොදුටුවා මෙන් ඉවත බලාගෙන සිටීම තමයි ශ්‍රී ලංකාවේ සිරිත. බලධාරීන්ට රහසිගතව දැනුම්දීමට නොයෙකුත් ක්‍රම හා විධි තිබෙතත් එක්කෝ නොදැනුවත්කම නිසා හෙළි නොකිරීම නැතිනම් ඊට අනුබල දීම නිසා සෑම රජයක්ම අපේක්ෂා කරන අපරාධ වලක්වා ගැනීමේ හෝ මැඩපැවැත්වීමේ උත්සාහය අසාර්ථකවී තිබේ. (බ)

:       0       0

රන්ජිත් Thursday, 03 March 2016 12:16 PM

මේ පරණ අය කිරි පොවලා හදපු පැටවුන්ගේ වැඩ. පරණ අය සාක්කි නැතිකරන්න කරන දේවල්. (බ)

:       0       0

සුරංග Thursday, 03 March 2016 12:27 PM

පාතාලයට නැවත හිස ඔසවන්න නොදෙමු. (ර)

:       0       0

අමල් Thursday, 03 March 2016 12:46 PM

මොනවද මේ වෙන්නේ. (ර)

:       0       0

උපුල් මාලදිවයින Thursday, 03 March 2016 01:03 PM

දේශපාලකයෝ චන්ඩි ලන්කරගන්නේ නැතුව ඉන්නවනම් පාතාලය නිකන්ම නැතුව යනවා. මොන පැත්තෙන් ආවත් දේශපාලකයෝ තමයි චන්ඩි බිහිකරන්නෙත් චන්ඩි රකින්නෙත්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site