
(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි.
මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි අධ්‍යාපනය හදාරන ඉසුම් හංසන බණ්ඩාර නැමති සිසුවෙකි.
මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නානකාමරයේ සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරනයවූ බවද පොලීසිය පවසයි
තම බාල සොයුරා සමග මෙම ළණුවේ ආධාරයෙන් ඔංචිලි පැද ඇති බවද පැවසේ
සිසුවා ළණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්චිල්ලාව දරුවාට මරු කැඳවයි