කොළඹ ජාතික පාසලක විදුහල්පති සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වනු ලබන විමර්ශනයක හෙට(18) අමාත්‍යංශයට පැමිණ ප්‍රකාශ ලබා දීමට නියමිතව සිටි ගුරුවරුන් කිහිප දෙනෙක් අද (17) මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එලෙස මාරු කර ඇති ගුරුවරුන් පාසලේ වසර 10ක් හෝ සේවා කර නැති බවත්, ඊට වැඩි කාලයක් පාසලේ සේවය කරමින් සිටින ගුරුවරුන් සිටියදී මේ ගුරුවරුන් ස්ථාන මාරු කර ඇත්තේ පලිගැනීමට බවත් එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසම මේ පාසල සම්බන්ධයෙන් මීට පෙර විමර්ශනයක් ඇරැඹි අතර, පාසලේදී සාක්කි ගනිද්දී සාක්කිකරුවන්ට බලපෑම් වෙන බව කියමින් පරීක්ෂණ අතර මඟ නැවතුණු බවත්, නැවත වරක් සාක්කි කරුවන් අමාත්‍යංශයට ගෙන්වා හෙට(18) සාක්කි ගැනීම අරම්භ කරීමට ලිපි යවා ඇති බවත්, එසේ තිබියදී සාක්කිකරුවන් ස්ථාන මාරු කිරීම අසාධාරණ බවත් ස්ටාලින් මහතා පවසයි.
විදුහල්පති ඉවත් නොකර සාක්කිකරුවන් කිහිප දෙනකු ස්ථාන මාරු කිරීම සෙසු සැකකරුවන්ට ද කරන බලපෑමක් බව ද හෙතෙම කියයි.
කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක් සම්බන්ධයෙන් ද මෙවැනිම විමර්ශනයක් සිදු කළ බවත්, එම විමර්ශනය අවසන්වන තුරු විදුහල්පති තාවකාලිකව ඉවත් කළ බවත්, විදුහල්පති සිටියදී විමර්ශන පවත්වද්දී සාක්කිකරුවන්ට වන බලපෑම කොළඹ කොල්ලුපිටියේ පාසලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තාවක පැහැදිලිව දක්වා ඇති බවත් ස්ටාලින් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ විමර්ශනයකින් වැරදිකරුවන් වූ ගුරුවරු පිරිසක් මාරු කළ නමුත් එතැන විමර්ශනයක සාකිකාරයන් සිටිනවාදැයි තමා නොදන්නා බවයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඒ ගුරු මාරුව පලිගැනීමක්‘
කමල් Wednesday, 17 July 2013 03:30 PM
හැමතැනම ඇදගෙන නාන අය.(නදී)