IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ඒසී වහන්න : ජනෙල් අරින්න‘

බල ශක්ති අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ආයතන තුළ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියා විරහිත කර ජනේල විවෘත කරන්නැයි වාරිමාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා අද (18) වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී කීවේය.

ඒ අනුව එහි වාසැකසුම් යන්ත්‍රී අක්‍රීය කර ජනෙල් විවෘත කර රැස්වීම කරගෙන ගියේය.

 

 



අදහස් (0)

‘ඒසී වහන්න : ජනෙල් අරින්න‘

රොජර් Thursday, 18 June 2015 10:54 AM

ඔන්න මවා ගන්නකො රූපයක්. මෙයා හොඳ ඇමතිකමකට නොවෙයි. (ර)

:       0       0

ඉෂා Thursday, 18 June 2015 06:54 AM

අපි මේකට සහය ලබා දියු යුතුයි (නදී)

:       0       0

ඉෂංක Thursday, 18 June 2015 06:54 AM

ඉතාමත් හොඳ යෝජනාවක්. අපි මේකට සහය ලබා දිය යුතුයි (නදී)

:       0       0

මොහාන් Thursday, 18 June 2015 06:57 AM

ලොක්කට ෂුවර් එකටම හෙම්බිරිස්සාව හැදිලා වෙන්න ඇති. එකෙනුත් ලකුණු දා ගත්ත.(ම)

:       0       0

ඉල්බා Thursday, 18 June 2015 07:02 AM

එයාගෙන්ම වැඩේ පටන් ගන්න කියන්න කාර්යාලයේ ඒ.සී ඔෆ් කරලා ජනේල අරින්න කියන්න. අවවාදයට වැඩිය ආදර්ශය උතුම් (නදී)

:       0       0

රනිල් Thursday, 18 June 2015 07:02 AM

ඡන්දෙ කිට්ටුව නිසා මෙයාලගේ රඟපෑම් (ම)

:       0       0

පතී Thursday, 18 June 2015 07:15 AM

ඕක ලෝක උගුලක්, ඔය මහින්ද රකින අලුත් වැඩපිළිවෙල (නදී)

:       0       0

උපාලි Thursday, 18 June 2015 07:26 AM

තියන පවර් ප්ලාන්ට් ටික වහල දැම්මම ඒ.සී විතරක් නෙවෙයි ලයිට් නැතුවත් ඉන්න වේවි. අප්‍රිකානු රටවල් වලින් විතරක් ලංකාවට සංචාරකයන්ට එන්න කියමු මෙහෙ ඒසී නැති නිසා (නදී)

:       0       0

උපාලි Thursday, 18 June 2015 07:27 AM

අනේ රණවකට උනු දෙයක් (නදී)

:       0       0

උපාලි Thursday, 18 June 2015 07:32 AM

අඩුවට ගන්න තිබුන පවර් ප්ලාන්ට් ටික වැඩිදියුනු නොකර වැඩියට තියන පවර් ප්ලාන්ට් වලින් පවර් ගත්තාම රටට හරියාවි ඔහොම යං (නදී)

:       0       0

සමීර Thursday, 18 June 2015 07:34 AM

හොඳ යෝජනාවක් එ්ත් ඕකට විසඳුම් සොයන්නනේ ඔයාල පත්කළේ. මෙතරම් විදුලි බලාගාර තියෙන ලංකාවේ ඇයි වැඩිමිලට විදුලිය ගන්නේ. අඩුමිලට තියන විදුලි බලාගාර වහලා බලන්න ආර්ථික ප්‍රතිලාබ විශ්ලේෂණයක් කරලා. එතකොට පැහැදිලිවෙවී. විදුලිබල ඇමතිතුමා ඉංජිනේරුවක් නිසා ආර්ථික කඩා වැටීම් එයාට තේරෙන්නේ නැහැ. රටක් සංවර්දනය මනින ඒකකයක් වන්නේ විදුලි බල ඉල්ලුම. සංචාරක කර්මාන්තය මෙතරම් දියුනුයි කියන රටක සුද්දෝ ඇවිල්ලා ෆෑන්, ඒසී ඔෆ් කරන් ඉඳියිද? (නදී)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:42 AM

අප්පච්චි නැතිවුණාට පස්සේ රටට එක එක අර්බුද ...... (නි)

:       0       0

ජෝ Thursday, 18 June 2015 07:48 AM

දඩමස් එක්ක බත් ටිකක් කමුද සර්....(නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 07:54 AM

අදහස නම් ගොඩක් හොඳයි දවසකට දෙකකට සතියකට මාසෙකට සිමා නොවී.(නදී)

:       0       0

ඉමේෂ් Thursday, 18 June 2015 08:00 AM

මෙහෙ විදුලි බලයෙන් දුවන වාහන ගෙන්වනවා. ඒ අස්සේ විදුලිය ඉතුරු කරනවා.කවුද අපිට බොරු කරන්නේ? (නි)

:       0       0

ටිකිරි Thursday, 18 June 2015 08:03 AM

අනේ රටට මොකද වෙන්න යන්නේ? ආයෙමත් අපි දුප්පත් රටක් වෙන්නද යන්නේ? (නි)

:       0       0

හිමාල් Thursday, 18 June 2015 08:05 AM

අන්තවාදී වෙන්න ඕනෑ නැහැ.හැකි වෙලාවල කළාම හරිනේ. (නි)

:       0       0

ප්‍රියලාල් Thursday, 18 June 2015 08:12 AM

ඒසී වහලා ජනෙල් ඇරියහම ඩෙංගු මදුරුවො ඇතුළු වෙයිනේ. (නි)

:       0       0

රණසිංහ Thursday, 18 June 2015 08:18 AM

පොඩ්ඩක් හොයලා බලන්න ගෙදර කොහොමද ඒසී දාගෙන සමහරු ඉන්නේ කියලා. (නි)

:       0       0

රද්දොළුවේ රොහාන් Thursday, 18 June 2015 08:38 AM

ඔන්න කිව්වා. එහෙමනම් අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල පාවිච්චි කරන කාර්එක දීලා ඇල්ටෝ එකක් පාවිච්චි කරන්නකෝ (නදී)

:       0       0

අනුර Thursday, 18 June 2015 09:28 AM

නවීන ලෝකයට එය නොගැලපෙන යෝජනාවක්. බලශක්ති අර්බුදය විසඳීම නව නිර්මාණ ඇති කිරීම පාලකයන්ගේ වගකීමකි. එය සිදු නොවන්නේ නූගතුන් එම තනතුරට පත් වීම නිසා. (ස)

:       0       0

චන්දි Thursday, 18 June 2015 09:28 AM

එයාටත් බොස්ට වගේ ඒසි අරහන් වගේ....? (ස)

:       0       0

අනුර Thursday, 18 June 2015 09:36 AM

ඒ සි නැති කරලා ජනෙල් අරිනවා. වතුර නැති උනාම ටැප් වහනවා. තෙල් නැති උනාම ලාම්පු නිවනවා. ඉන්ධන නැති උනාම වාහන විකුණා දමනවා ,සල්ලි නැති උනාම නොකා නොබී ඉන්නවා , සල්ලි නැති උනාම බැංකු වහනවා , කන්න නැති නම් වතුර බොනවා, එන්ජින් නැති උනාම කෝච්චී පෙට්ටිවල කඩ දානවා, රස්සා නැති නම් විශ්වවිද්‍යාල වසා දමනවා. නමුත් 80% නුගතුන් ඉන්න පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ. මේවා උගත් දෙසපලුවන්ගේ යෝජනා. (ස)

:       0       0

අනුර Thursday, 18 June 2015 09:37 AM

බුදු අම්මෝ මේ මනුස්සයගේ මොලේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 June 2015 10:02 AM

බිබිලේ දොඩම් ගලවල අඹත් හිටවමුද එහෙනම් ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site