ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක්, ස්වාධීන පොලිස් කොමිෂමක් හා ස්වාධීන අල්ලස් කොමිසමක් ආදී ආයතන මේ වන විට ස්ථාපිත කර ඇති බැවින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (එෆ්.සී.අයි.ඞී) අවශ්‍යතාවයක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපති කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතනයන්ට වංචා දූෂණ පිළිබඳ විමර්ශන භාරදීමෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය යොදාගෙන පෞද්ගලික පළිගැනීම් කරන බවට රජයට එල්ල වන චෝදනාද ඉවත් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය තමන්ගේ මතය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පක්‍ෂයේ අනෙකුත් අය දරන්නේත් මෙවන් මතයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි ද සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොබෙදී ඉදිරියට යා යුතු බවට මේ වන විට ප‍්‍රාදේශීය මට්ටමින් මතයක් ඇති වෙමින් පවතින බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පක්‍ෂය නොබෙදී එයට ඉදිරිපත්වීම ස්ථිරවම සිදුවනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවක දීය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එෆ්සීඅයිඩිය දැන් ඕනේ නෑ‘
දනුක Wednesday, 03 February 2016 01:12 PM
මේ ආයතනය අවශ්‍යයි .මේ කට්ටිය බයවෙලා ඉන්නේ.කුඩුවට දමාවි කියලා. (බ)
පිටබැද්දර ජයා Wednesday, 03 February 2016 01:15 PM
තාම ඉතින් දෙන්න තුන්දෙනානේ ඇතුලට ගියේ , තව ටිකක් ඔහේ ඉමු මොකෝ කලබල බයද ? (බ)
සමීර Wednesday, 03 February 2016 01:19 PM
ඇයි බය, මූල්‍ය වැරදි නොකළ අයට එෆ්සීඅයිඩි එකෙන් ප්‍රශ්නයක් නැහැ. වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවට බහුතරයක් විරුද්ධයි වගේ. (බ)
කපිල ඩුබායි Wednesday, 03 February 2016 01:40 PM
බයද? (බ)
රන්සි Wednesday, 03 February 2016 01:44 PM
එපා කියන්නෙම හොරු ... මේ හදිසි යේ එපා කියන්නේ මොකද? (හේ)
හේමන්ත Wednesday, 03 February 2016 01:53 PM
හොරු අල්ලන් බැරිව යයි මේක නැති වුනොත්(හේ)
සුමිත්‍ර බස්නායක Wednesday, 03 February 2016 02:05 PM
බලාගෙන ඇමතිකම.....(බ)
මයුර Thursday, 04 February 2016 04:04 AM
අපි දන්න කාලෙ ඉඳල බලයට පත්වෙන අයට බලයෙන් පහවෙච්ච අයගේ වැරදිවලට දඬුවම් කරනවා වගේ මහා සද්දයක් දාලා පස්සෙ ලිස්සල යවනවා. (ම)
රජින්ද Wednesday, 03 February 2016 02:33 PM
රෑ ඩැනියල් දවල් මිගෙල්...(බ)
රොකී Wednesday, 03 February 2016 02:38 PM
අපි දන්නවා සමහර උන්නැහේලා බයෙන් ඉන්න බව ! (බ)
හෆීල් Wednesday, 03 February 2016 03:05 PM
වරදක් කළේ නැත්නම් එෆ්සීඅයිඩිය අහෝසි කරන්නේ නැහැ. එයින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා (බ)
සුමනසේකර Wednesday, 03 February 2016 03:33 PM
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා වගේ .(බ)
සේන Wednesday, 03 February 2016 03:52 PM
මොකද පරණ කරපුව මතක් වෙනකොට බයද ?(බ)
ද සිල්වා Wednesday, 03 February 2016 05:04 PM
හොරු තමයි පොලිසිය දැක්කහම බයවෙන්නේ. මට නම් ඕක තිබුනත් එකයි, නැතිවුණත් එකයි. (නි)
පෙරේරා Wednesday, 03 February 2016 05:51 PM
වරදක් කරලා නැත්නම් මොනම එෆ්සීඅයිඩියකටවත් බයවෙන්නේ මොකටද? (නි)
රන්ජිත් Friday, 05 February 2016 04:14 AM
කලින් වගේ විනිසුරුවන්ට , පොලිසියට දේසපලකයෝ අණ දෙනවා කියලා හිතන අයට තමා ඔය පළිගන්නවා කියන අදහස එන්නේ. නමුත් මේ යන විදියට එහෙම දෙයක් පේන්න නැ. වැරදි කරපුවාට සාක්කි තියෙනවා නම් තමයි ඇක්ෂන් ගන්නේ. (ම)
බොනී Wednesday, 03 February 2016 07:53 PM
මේකේ සමහරු ලියලා තියන දෙවල් ඇත්ත (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 03 February 2016 08:07 PM
එෆ්සීඅයිඩිය රජය විසින් ස්ථාපිත කළේ මහා පරිමාණ හොරුන්, වංචාකාරයන්, කුඩුකාරයන් ...... වගේ අය කොටුකරගෙන දඬුවම් කිරීමට බව අපේ ඇමතිතුමාට අමතක වුණේ නැහැ නේද? එහෙනම් මොකද ඒක එපා කියන්නේ? (නි)
මහින්ද සෞදි Wednesday, 03 February 2016 08:12 PM
නිදහස් පක්ෂය කෑව අය ගැන අපිට ඇත්තේ පුදුම තරහක් (නි)
ඉන්දික Wednesday, 03 February 2016 08:18 PM
එෆ්සීඅයිඩියෙන් මෙතෙක්කල් රටට වූ සේවයකුත් නැහැ. මෙවැනි පටු අරමුණු නිසා වෙන්නේ ඊළඟ බලය මාරුවීමේදී තව තවත් පළිගැනීම ඉදිරියට යාම මිසක් රටේ ආර්ථික සමාජ සුබසිද්ධියක් නෙමෙයි. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ කවදාවත්. (නි)
අයිවන් Wednesday, 03 February 2016 09:12 PM
යහපාලනය අවසන් කරන්න මෙතුමාට උවමනා වුණාට මේක ජනතාවගේ ආශිර්වාදයක්. (නි)