IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපාලු

‘ආණ්ඩුව දැන් කියනවා එෆ්සීඅයිඩිය අහෝසි කරන්න කියලා. ඒත් අපි කියන්නේ එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපා කියලයි. අපිටත් ඉදිරි කාලයේ එෆ්සීඅයිඩී එකෙන් ප්‍රයෝජන ගන්න තියෙනවා.‘ යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කායර්ලයයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය.

‘‘අපේ ආණ්ඩුවක් යටතේ අපිට කවදා හරි කීයට හරි එෆ්සීඅයිඩියට ගේන්න කට්ටිය ඉන්නවා. මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා කවදා හරි එෆ්සීඅයිඩියට ගේන්න ඕනි. ඉදිරි කාලයේ එෆ්සීඅයිඩියට ගේන්න අවශ්‍ය පුද්ගලයන් ගැනත් අපි දැන් තොරතුරු එකතු කරමින් ඉන්නවා. එදාට දැන් තියෙන නීති මදි නම් අපි නීති හදලා හරි මේ පුද්ගලයන් එෆ්සීඅයිඩියට ගේනවා.‘‘ යැයි ද ඔහු මෙහිදී පැවසීය.



අදහස් (0)

එෆ්සීඅයිඩිය අහෝසි කරන්න එපාලු

තෙෂාන් Tuesday, 14 June 2016 07:46 AM

මේවට හිනා වෙන්න කට විතරක් මදි, ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි. (ර)

:       0       0

එරන්ද Tuesday, 14 June 2016 02:13 AM

අනේ අපොයි! (නි)

:       0       0

හෆීල් Monday, 13 June 2016 11:15 AM

මේකනං හොඳ ආරංචියක්. ඔබතුමාට පුළුවන් දැන්ම මේ රජයත් එක්ක එකතුවෙලා මේ වැඩේට බහින්න. පරක්කු කරන්න එපා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව කොයි කාලේ එ්විද? විස්වාස භංගයෝජනාවත් වැඩි ඡන්දෙන් පැරදුනා, 19වැනි සංශෝධනයත් වැඩි ඡන්දෙන් සම්මත වුණා (බ)

:       0       0

රුවන් Monday, 13 June 2016 11:36 AM

ඔබතුමන්ලගේ කාලේ නීති හැදීම කෙසේ වෙතත් නීතිය අවනීතිය කරලා කරපු දේවල් නම් බොහොමයි. (ම)

:       0       0

මධූ Monday, 13 June 2016 11:56 AM

එතකොට දේවාල ගානේ පොල් ගැසුවේත් එෆ්සීඅයිඩී අවලංගු කරන්න කියල නේද ? (බ)

:       0       0

පිටිගල Tuesday, 14 June 2016 03:42 AM

මේකෙන් පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගන්න කියලා නිර්දේශ කළ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද? මේක නිකම් ජනතාවට පෙන්නන ෂෝ එකක් නම් මේකෙන් වැඩක් නැහැ. වහන්නමයි තියෙන්නේ. බොරුවට කාලය නොකා. (නි)

:       0       0

ලෙස්ලි ෆර්ඩිනැන්ඩෝ Monday, 13 June 2016 12:57 PM

එතකොට දැන් හොරු අල්ලලා ඉවරද.නැතිනම් රජය ඒකාබද්ධ විපක්ෂයට බයවෙලාද? පිස්සුනම් නටන්න එපා. (බ)

:       0       0

ප්‍රගීත් Monday, 13 June 2016 01:18 PM

බොරුව හැමදාම කරන්න බැහැ කියල පරණ කතාවක් තියෙනවා. (බ)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 05:17 AM

පසුගිය රජයට සේවය කර නැවත මෙම රජයට හේත්තු වී සිටින ඇතැමෙක් එසේ සම්බන්ධව සිටි කාලයේ ආණ්ඩුවට හොරෙන් කළ කෝටි ගණන් වල ගසාකෑම් දැන් එළිවෙමින් එන නිසා එෆ්.සි.අයි.ඩී. එක ඉක්මනින් වහගන්න හදනවා වගේ. (නි)

:       0       0

නුවන් Tuesday, 14 June 2016 05:37 AM

දැන් එතකොට හොඳටම විශ්වාසද එෆ්සීඅයිඩී එක? නැත්නම් එ්කෙන් වැරදි හොයන්න බැහැ කියලා ෂුවර්ද? (නි)

:       0       0

දොන් Monday, 13 June 2016 02:32 PM

මේ වගේ දේවල් වලට ගොඩක් සැලෙන්නේ එක එක දේවල් වලට සම්බන්ධ අය. නැතිනම් මේ වගේ ප්‍රතිචාර දැක්වීමක් අවශ්‍ය නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site