IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එළහරකයි මීහරකයි වර්ජනයේ

එළහරකකු හා මීහරකකු එකට ඈඳා ඇලහැර ගඟේ යාය වෙල් යායේ වප් මගුලක සීසාන්නට උත්සාහ කළත් එය අසාර්ථකවූ හෙයින් එම කාර්යයට අත් ට්‍රැක්ටරයක් යොදා ගත් බව සංවිධායකයෝ කියති.

පක්ෂ දෙකක සිටියත් එකට වැඩකරන බව විදහා දැක්වීමට වප් මගුලේ සංවිධායකයන් උත්සාහ ගෙන තිබුණි. සැරසිලි කොඩි නිල් හා කොළ පාට එකට මසා සරසා තිබිණි. එබැවින් සීසෑම සඳහාද එළ  හා මී ගවයන් යොදාගෙත තිබූ අතර සීසෑම ආරම්භ කිරීමේදී ගවයන් දෙදෙනා දෙපැත්තට ඇදීම නිසා හරක් බානෙන් සීසෑමට නොහැකිවිය.

vap_2015112012 vap_2015112013 vap_2015112017



අදහස් (0)

එළහරකයි මීහරකයි වර්ජනයේ

පාලිත Monday, 02 November 2015 11:27 AM

යහපලනෙට නියම උදාහරණය. (ස)

:       0       0

වින්සන්ට් Monday, 02 November 2015 06:23 PM

එළහරක් සහ මීහරක් ගැන නොදන්නා අයට කිවයුත්තේ කුමක්ද? (නි)

:       0       0

ප්‍රියකුමර් Monday, 02 November 2015 11:34 AM

ගොනා ගොඩට මීම මඩට කියල කියමුකෝ (අ)

:       0       0

යසිරු Monday, 02 November 2015 08:26 PM

අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

කල්පගේ Monday, 02 November 2015 12:33 PM

ඇත්තටම මට හිනාගියා මේක දැකලා (නි)

:       0       0

ඇසළ Monday, 02 November 2015 01:13 PM

ඔය හරක් දෙන්නාව ආදර්ශයට ගත්තහම හොඳටම ඇති බොහෝ දේවල් තේරුම්ගන්න. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 01:38 PM

මෑතකදී අහන්න ලැබුන හොඳම උදාහරණයක් හැම පැත්තෙන්ම බැලුවොත්. (නි)

:       0       0

කණිෂ්කා Monday, 02 November 2015 08:55 AM

තව කල් යනවිට ඕව තේරේ (අ)

:       0       0

රජින්ද Monday, 02 November 2015 09:00 AM

මේ ආණ්ඩුව තව වැඩිම උනොත් පොහොයවල් හතක් හෝ පහක් තියේවි. ආණ්ඩුව හැම පැත්තකින්ම මිනිස්සුන්ගේ හිත් බිදවලයි තියෙන්නේ. (අ)

:       0       0

රෝහණ Tuesday, 03 November 2015 04:00 AM

මේකට අදහස් දාල තියෙන අය තමයි ලොකුම හරක් ටික. රජින්ද කියන කෙනා මහින්දට කඩේ යන බන්දුල පෙරේරා , පිවිතුරු වගේ කෙනෙක් වගෙයි. (බ)

:       0       0

අනු Monday, 02 November 2015 09:02 AM

දැන් වත් තේරුනාද දන්නේ නැහැ, එකට වැඩ කල නොහැකි බව දෙපැත්තට අදිනවා මිසක්. (ර)

:       0       0

වීර Monday, 02 November 2015 09:01 AM

හරක් බාන බය වෙන්න ඇති. (ර)

:       0       0

උමේශ් Monday, 02 November 2015 02:07 PM

මේක නම් පුදුමාකාර උදාහරණයක් (නි)

:       0       0

ආනන්ද Monday, 02 November 2015 09:18 AM

ඉතින් ඕකට පර්ලිමන්තුවෙන් ඇමතිලා දෙන්නෙක්ව යොදාගත්තනම් ඉවරනේ.පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඔය කට්ටියමනේ ඇවිද්දේ දෙපයින් වුණාට (අ)

:       0       0

රන් Monday, 02 November 2015 09:22 AM

ගොනාගෙන් වත් ඕක ඉගෙන ගනිව්ද.? (ර)

:       0       0

කමනි Monday, 02 November 2015 09:19 AM

උත්සාහය අගෙයි. (ර)

:       0       0

අමල් Monday, 02 November 2015 09:31 AM

කොහොමහරි වැඩේ වෙනවනේ... (ර)

:       0       0

සුලෝචන Monday, 02 November 2015 02:38 PM

ඉසුරන්දි,ඕක නිකම්ම නිකන් උදාහරණයක් කියලා හිතන්න නම් එපා (නි)

:       0       0

සිරී Monday, 02 November 2015 09:46 AM

හරක් දෙන්නා ඉතාමත් ආදර්ශවත්. (ර)

:       0       0

සිරී Monday, 02 November 2015 09:49 AM

මෙය සංවිධානය කරේ කවුද? (ර)

:       0       0

දහම් Monday, 02 November 2015 09:59 AM

ඔන්න තේරුම් ගන්නවානම් හොඳ උදාහරනේ වැඩ කෙරෙන්නේත් කොහොමද කියලා. (ර)

:       0       0

ප්‍රභා Monday, 02 November 2015 10:01 AM

නියම උදාහරණය. (ර)

:       0       0

නුවන් Monday, 02 November 2015 03:00 PM

වප් මඟුල ගමේ මිනිසුන්ට සංවිධානය කරන්න දුන්නා නම් ඉවරනේ. දැන් ලැජ්ජාව තමන්ටමනේ ඉතින්. (නි)

:       0       0

ජයනාත Monday, 02 November 2015 10:30 AM

උන් දෙන්නව රජ සබේට යවල රජ සබෙන් සම්මුතියට කොක්ක ගහපු දෙන්නෙක් ගෙනාව නම් වැඩේ අගේට සම්මුතියෙන්ම කරගන්න තිබුනනෙ...(බ)

:       0       0

මල්කාන්ති Monday, 02 November 2015 03:31 PM

මට හිනහව නවත්තගන්න බැරුව ගියා. (ර)

:       0       0

පුලාරා Monday, 02 November 2015 10:31 AM

ඕකට තමයි පැරැන්නෝ කියුවේ " ගොනා ගොඩට මීමා මඩට" කියල. අවසානේ ප්‍රතිපලයක් නෑ. වෙහෙස විතරයි.රට අවරට. (ස)

:       0       0

වරුණ Monday, 02 November 2015 10:40 AM

කවුද එල හරකයි මී හරකයි එකට බැදපු හරකා? (ස)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 November 2015 10:43 AM

පක්ෂ දෙකේම ඉන්නේ වැඩිහරියක්ම ඔය දෙවර්ගයේම අය තමා. (ස)

:       0       0

විජයබාහු Monday, 02 November 2015 10:46 AM

අත් ට්‍රැක්ටරයක් කිව්වේ විදෙස් අාධාරද? (ස)

:       0       0

පුෂ්පා Monday, 02 November 2015 10:56 AM

එකට හාල පුරුදු හරක් මිසක් එකට ඉන්නේ නැහැ. පොතේ විදිහට දෙන්නම හරක් තමයි, නමුත් වැඩේ ගැන පළපුරුද්දත් වැදගත් සාර්ථකත්වයට. අනිත් දේවලුත් ඔය විදිහටද දන්නේ නැහැ වෙන්නෙ? (ස)

:       0       0

පතිරණ Monday, 02 November 2015 04:41 PM

කතා කරන්න බැරිවුණත් පක්ෂවල ක්‍රියාකලාපය සත්තුත් දන්නවා. මේ හැමෝම දෙපැත්තට අදිනවා (නි)

:       0       0

සමන් Monday, 02 November 2015 05:12 PM

නියම විහිළුවක් මේක නම්. අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

අසෝකා Monday, 02 November 2015 11:03 AM

යා දෙක නොරත රත - එකට පැහීමක් නම් නැත . (ස)

:       0       0

දුමින්ද Monday, 02 November 2015 11:03 AM

ජාතික ආණ්ඩුව නම් එකට වැඩ. (ස)

:       0       0

තිස්ස Monday, 02 November 2015 11:05 AM

අනේ සමගිය බලන්න මේ වගේ හරක් වැඩ කරනවද ? (ස)

:       0       0

තුෂා Monday, 02 November 2015 11:15 AM

කමක් නැහැ දෙන්නාම හරකුන්නේ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site