IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එළවලු මිල ඉහළට

(කාංචන කුමාර ආරියදාස)

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද( 29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ   එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති.

ඒ අනුව අද( 29 )  උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම  එළවළු තොග ලැබීම අඩු වී  ඇති බව ඔවුහු අවධාරණය කරති.

අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර  පැවතිනි  . රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 250ත් 200 ත්   වැනි මිලකට ත්  වට්ටක්කා කිලෝව රුපියල්  160 ත් 170 අතර මිලකට අලෙවි වෙයි. විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක්  230ත් 270   වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි

ඒ අනුව පසුගිය දා ලීක්ස්  කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා   කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද  ඉහල ගොස්  ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  අද( 29 ) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය

බෝංචි  350  -400

ලීක්ස් 250- 270

කැරට්   160 - 270

ගෝවා  100 - 130

තක්කාලී  280-300 

රාබු  60- 120  

කැකිරී  50- 80

  පිපිඤ්ඤා   100-110

වැටකොලු    160 - 240  

බණ්ඩක්කා  50 - 60

පතෝල 150 - 200

වම්බටු   350 -400

අමු මිරිස් 850-1000

මැකරල් 150 - 250

මාළු මිරිස්  550- 750 

 

 

 

 

 

 

 

 



අදහස් (2)

එළවලු මිල ඉහළට

chandare Sunday, 29 December 2024 10:59 AM

බලන්නකෝ සීයාට බැරිවුණානේ අඩුම තරමින් මාස 6ක් කන්න ඕනෑකරන එළවලු ටික වවලා යන්න. දැන් බලන්නකෝ මාලිමාවේ අපේ ආණ්ඩුව ගෙදර යන දාට අවුරුදු 6 ක් කන්න ඕනෑ කරන බිත්තර, හාල්, පොල්, එළවලු විතරක් නෙවෙයි කන්න හත අටක් වගාකරන්න ඕනෑකරන වතුරත් ජලාශවල ඉතිරි කරලයි යන්නේ...

:       0       3

Kolitha Sunday, 29 December 2024 09:03 PM

නියමයි සහෝදරයා. පුනරුදය පෙනෙන මානයේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site