(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි ඉෂාර මහේෂ් බණ්ඩාර නමැති පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරෙකු වන 38 හැවිරිදි කසුන් පුෂ්පකුමාර යන අය වෙති.
පොලිස් සැරයන් මහේෂ් 28704මහතා ගෝනහේන කඳවුරට අනුයුක්තව කුරුණෑගල රත්ගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කරමින් සිටි අයකු බව ගිරිඋල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනා කඩු වලින් කපා කොටා පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම ද්විත්ව ඝාතනය සිදුකිරීමට කට කබරයා නමින් හැඳින්වෙන පුද්ගලයකු සහ තවත් අයකු පැමිණ ඇති බවට පොලීසියට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.ටී.එෆ් සෙබලා සහ තවත් අයෙක් ඝාතනය කරලා
Lalla Monday, 16 January 2023 07:15 AM
අපේ රටේ පොලීසිය අපරාධ කරූවන් හඳුන්වන්නේ අන්වර්ථ නාම වලින්ම පමණද? ජනතාව අතර මේක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවනි. ඒත් නීතිමය අතින් එහෙම වෙන්න පුළුවන්ද. අපරාධ කරුවකු වුනත් සැකකරුවකු පමණක්ම සහ ඔවුන්ටත් ආත්ම ගෞරවයක් තිබිය යුතුය.