IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එස්.ටී.එෆ් වෙඩි පහරින් වෙඩික්කරුවෙක් මරුට

(ටෝනි කරුණානායක,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .

වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වු මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි . රෝහල් ගත කරන විටත් සැකකරු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි. පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය , ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (ෂොකෝ ) සමග එක්ව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (9)

එස්.ටී.එෆ් වෙඩි පහරින් වෙඩික්කරුවෙක් මරුට

ලුම්බිණි Thursday, 20 July 2023 07:44 AM

හැමදාම ප්‍රශ්නය විසඳුනේ ඔන්න ඔහොමයි. මොකද වුනේ කියලාවත් බැලීමක් නැහැ.

:       0       0

UAE Api Thursday, 20 July 2023 09:26 AM

එහෙම කෙනෙක් මෙහි සිටිනවා නම් අල්ල ගන්න පුළුවන් පහසුවෙන්ම

:       4       6

LkaThursday, 20 July 2023 02:23 PM

නියමයි දැනගන්නේ කොහොමද?

:       1       2

කිරිපුතා Thursday, 20 July 2023 09:32 AM

අනුර කුමාර කට උල් කර කර දුක පවසන්න ගනීද දන්නෙ නෑ. මොකක් හරි කොනක් තියෙන්නත් ඕනනෙ එයාලට කතා කරන්න. නැතිව ඉතින් මේ වෙනකම් රටට වැඩක් කළා නෙවෙයිනෙ

:       26       25

ruwan Thursday, 20 July 2023 11:03 AM

සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා

:       4       31

Nalin Thursday, 20 July 2023 01:00 PM

සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා

:       0       0

ලුම්බිණි Thursday, 20 July 2023 02:29 PM

හැමදාම වෙන දේ. පරීක්ෂණත් නැහැ. නඩුත් නැහැ.

:       13       7

Bamunuarachchi Friday, 21 July 2023 04:15 AM

පාතාලයෝ මැරෙනකොට මෙයාට රිදෙනවා වගෙයි.

:       0       0

Lelwala Friday, 21 July 2023 08:51 AM

ඒක එයාගෙ විශ්වාසය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site