IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එල්ලේ යළිත් ලන්ඩන් යයි

ලන්ඩන් නුවර අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ කේන්ද්‍රය දෙවන වතාවටත් සංවිධානක කළ ලන්ඩන් එල්ලේ සැණකෙළිය අගෝස්තු 25 වන ඉරුදින පැවැත්විණි.

ශ්‍රී ලාංකිකයෝ මෙන්ම ලන්ඩන් නුවර පදිංචි වෙනත් ජාතීන්ද විශාල පිරිසක් මේ සැණකෙළියට එක් වුහ.

හීත්රෝ අතුල දස්සන විහාරස්ථානාධිපති  වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාර වෑකඩපොළ ප්‍රධාන කමිටු සාමාජිකයින්ගේ සංවිධායකත්වයෙන් පැවති මෙවර එල්ලේ සැණකෙළිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි විය.

හිලින්ඩන් නගරාධිපති ඇලන් කෞෆ්මන් මහතා සහ බිරිය ලින් සමඟ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් නෙවිල් ද සිල්වා මහතා ප්‍රධාන අමුත්තෝ වුහ.

සැණකෙළිය සඳහා සහභාගීවූ විශාල පිරිසකගේ සුවපහසුව සඳහා ඉරිදා දවස පුරාවටම උත්සව භුමියේ ශ්‍රී ලාංකික සංස්කෘතික අංග, ශ්‍රී ලාංකික ආහාර පාන සහ එළවළු ,පළතුරු සහ අනෙකුත් සිල්ලර බඩු බාහිරාදිය සැපයු වෙළඳසල් රැසක්ම විවෘතව පැවති අතර සැණකෙළිය සඳහා සහභාගීවූ දරු දැරියන් වෙනුවෙන් ළමා ක්‍රීඩා සහ තරග සංවිධානය කර තිබුණි.

තරඟ ජයග්‍රාහකයෝ තෑගී සහ කුසලාන ලදහ.

මෙවර තරගාවලියේ ජයග්‍රාහකයින් වුයේ ලෙස්ටර් නගරයේ "කටුනේරිය" කණ්ඩායමයි. දෙවැනි ස්ථානය දිනාගත්තේ හවුන්ස්ලෝ නගරයේ "වනබඹරෝ"  කණ්ඩායමයි. තුන්වන තැන දිනාගැනීමට එජ්වෙයර් නගරයේ "එජ්වෙයර් කිඩ්ස්" කණ්ඩායම සමත්විය.




අදහස් (0)

එල්ලේ යළිත් ලන්ඩන් යයි

නීල් රණා Tuesday, 03 September 2013 11:41 AM

දේශීය ක්‍රීඩාවකදී සෙල්ලම් කරන රට හෝ ඊට සහභාගි වන්නන්ගේ තරාතිරම මත ක්‍රීඩකයන්ගේ ඇඳුම් හා පාවහන් වල ගුණාත්මක භාවය රඳා පැවතීම සුදුසු නොවන බව එංගලන්තයේ සහ ඉතාලියේ පැවති එල්ලේ තරඟ සංසන්ධනය කිරීමේදී පැහැදිලි වෙනවා. (ස)

:       0       0

එස් ජූඩ් සිල්වා Saturday, 12 November 2016 05:04 PM

මෙහෙම හරි එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන එක ලොකු දෙයක් හැටියටයි මම නම් දකින්නේ

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Tuesday, 03 September 2013 07:24 PM

අදහස් හැටියට පාඨකයෝ මොනවද මේවට ලියන්න ඕනේ?(නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 04 September 2013 10:29 AM

හරිම ලස්සනයි. (ස)

:       0       0

ජයා Tuesday, 03 September 2013 02:20 PM

නීල් රනාගේ සිංහල මට තේරෙන්නේ නැහැ. (දී)

:       0       0

නීල් Tuesday, 03 September 2013 09:58 PM

හොඳ වැඩක්. සාර්ථකයි. ලංකාවෙ මෙහෙම දෙයක් තිබුණනම් ඇට්ටි හැලෙන්න අදහස් දාල වැඩ පෙන්වන අයගෙ මේ වෙලාවට බඩේ බිජු. (අ)

:       0       0

ශාන්ත ලන්ඩන් Tuesday, 03 September 2013 11:15 PM

පුක්කුසයෝ...ඔයාට හිතෙන අදහසක් දක්වන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site