IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී  ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් පසුව අත්අඩංගුවට ලැබු බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙකි.

ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන්  13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 



අදහස් (16)

එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට

පැරකුම් Thursday, 30 September 2021 08:19 AM

අපට ඉස්සරහට මේ වගේ හමුදා ක්‍රියාකාරකම් නිතර අහන්න ලැබේවි. කවුරු කවුරුත් සූදානමින් හිටියොත් හොදයි නේද.

:       15       43

නිලූක Thursday, 30 September 2021 08:55 AM

රට පුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ගත් තීරණය ඉතා හොඳ එකක්. කලින් ඉදන්ම එහෙම ක්‍රියාත්මක වුනා නං මේ මිනීමැරුමටත් කොහේ හරි ඉන්න කුඩ්ඩෙක්ව පටලවලා උදාර රණවිරුවන්ව බේර ගන්න තිබුණා. දැන්වත් රටේ මිනිසුන්ට මිලිටරි පාලනයක මහඟු අවශ්‍යතාවය තේරුම් ගිය එක කොච්චර වටිනවද? හමුදා පාලනයක් තිබුණා නන් නිකමටවත් මේවා නිව්ස් වල වැටෙනවද? අන්න ඒකටයි හමුදා පාලනයක් වැඩියෙන්ම රටට අවශ්‍ය. පවතින මර්ධනය මදියි අපිට. තව ටිකක් වැඩියෙන් පකිස්ථානයේ මියන්මාරයේ වගේ වුනා නං මරු.

:       10       42

සෙනෙවිරත්න Thursday, 30 September 2021 12:53 PM

ඇත්ත, මේ නිල ඇඳුම ඇඳගත්ත අයට දේවත්වයක් ආරූඪ කරලා හැම එකම කරන්න පුළුවන් වීරයින් හැටියට මතයක් සමාජගත කරලා මෙයාලගේ වීරකම් පෙන්නලා බලයට ආපු නඩයක් මේ ඉන්නේ... මෙයාලගේ පංචස්කන්ධයත් සාමාන්‍ය එකක් බව හමුදා නිලඇඳුමක් දැක්කම චූන් වෙන අය දැන්වත් අවබෝධ කරගත යුතුයි.

:       0       1

ලක්ෂාන් Thursday, 30 September 2021 09:23 AM

දැඩි දඬුවම් දිය යුතුයි, එහෙම නැති උනොත් එය නරක පූර්වාදර්ශයක් වෙනවා, හමුදාවට මිනිස්සු අනියත බියක් ඇතිවෙනවා, යුක්තිය ඉටු කරනු,

:       2       37

රට වැසියා Thursday, 30 September 2021 09:24 AM

මෙවැනි මිනිස්සුන්ට දිය හැකි උපරීම දඩුවම් දෙන්න, තමන්ගේ නිල-බලය සහ හැකියාව සමාජයේ නිරායුධ අසරණ මිනිසුන් පෙලීමට යොදා ගැනීම අතිශයින්ම භයානකය .

:       1       32

කිරි පුතා Thursday, 30 September 2021 09:38 AM

පේනවා නේද විශම කාමය මෙළොවදීම මිනිසුන් විනාශ කරන වග.

:       3       29

SUMANAWEERA Thursday, 30 September 2021 10:53 AM

හැම තැනම විනය පිරිහිලා .මානව ගුණධර්ම පිරිහිලා .මේ ලඟදි අපි දැක්කා තවත් හමුදා නිලදාරියෙක් මහ පාරේදී අසරණ මිනිහෙකුට ලේ වමනේ යන්න ගහනවා .හමුදාපති තුමනි මේ වගේ අයට උපරිම දඬුවම් දීලා හමුදාවේ නම රැක ගන්න

:       3       36

පැරකුම්Thursday, 30 September 2021 01:27 PM

අපි බලා ඉන්නවා හමුදාපතිතුමා මොනව ක්‍රියාවට ගනීද කියල. නැත්නම් ඉතින් එයත් අර ගොඩටම දාල ගණන් හදමු.

:       1       26

දාස Thursday, 30 September 2021 11:31 AM

රනවිරු ලේබල් එක අලවල එලියට දායිද දන්නෙනැ. දන්නව නේ අප්පොච්චිගෙ වැඩ

:       8       35

පිටිගල මිලානෝ Thursday, 30 September 2021 11:33 AM

කොටු පැනීම සමහරුන්ට විනෝදයකි... තව කෙනෙක්ට කුතුහලය දනවන පිම්මකි..... මෝඩයන්ට ගිනි ජාලාවකි.....!

:       3       32

Raveendra Thursday, 30 September 2021 12:23 PM

මේ "පාහරයා" තමන්ගේ ඒ වටිනා වැදගත් නිළ ඇදුමේ මලපහ කර එම උතුම් නිල ඇදුමට නිගාකර ඇත. උපරිම දඩුවම් ලැබේවා.........

:       2       36

[email protected] Thursday, 30 September 2021 12:27 PM

රණවිරු දඩයම පටන් අරන්.

:       15       19

ලුම්බිණි Thursday, 30 September 2021 01:12 PM

පොලිසියෙන් අත් අඩංගුවට ගත් පමණින් සියල්ල අවසන් නොවේ. කලිනුත් ඔහොම හමුදාවේ අය අත්අඩංගුවට ගත්තා ඔයිට වඩා ලොකු අපරාධවලට... ඒත් දඬුවම් දුන්නු බවක් නම් මතක නැහැ...

:       0       0

Jayampathi Thursday, 30 September 2021 03:03 PM

දැනුත් ඉස්සර වගේම රණවිරුවන් දඩයම් කරනවා කියලා කියයිද?

:       0       1

Hafeel Thursday, 30 September 2021 03:23 PM

මෙයාගේ අවාසනාවට අද විමල් වීරවංශලා ආණ්ඩු පක්ෂයේ කටට ප්ලාස්ටර් අලවලා. නැත්නම් මේ මොහොතේ ඔන්න රණවිරු දඩයම කියමින් පාරට බැහැලා...

:       0       3

එරන් ගා Friday, 01 October 2021 06:16 AM

රත්නායක වගෙ, රන විරුවා කියල නිදහස් කරයිද දෙය්‍ යො තමා දන්නෙ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site