IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට අත්අඩංගුවට ලුතිතන් කර්නල් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න හෙට (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව ඊයේ (29) කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය, යුද හමුදා කෝප්‍රල්වරයා ඇතු`ථ යුද හමුදා සාමාජිකයන් 14 දෙනකු ද අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් ද හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙම සිද්ධියේ මරණයට පත්ව ඇත්තේ තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වන පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.



අදහස් (6)

එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට අත්අඩංගුවට ලුතිතන් කර්නල් රිමාන්ඩ්

samantha Thursday, 30 September 2021 05:22 PM

හමුදා ලොක්කෝ මොනවද මේ කරන්නේ...?

:       0       3

rocky Thursday, 30 September 2021 06:56 PM

එක ඇමැති කෙනෙක් උත්සාහ කරනවා රටේ පුරවැසියන්ට හමුදා පුහුණුව දෙන්න... විනය උගන්වන්න...!!!

:       1       4

Kamasa Thursday, 30 September 2021 07:24 PM

ඔන්න වැඩ.. මේවගේ අනාවරණය නොවූ කොච්චර ඇද්ද?

:       0       3

kasun Friday, 01 October 2021 07:16 AM

මොනවද මේ ලංකවේ වෙමින් පවතින්නේ.

:       1       6

Perera Friday, 01 October 2021 11:11 AM

මෙන්න දඩයම් කරනවෝ...!!!

:       1       6

Sena Monday, 04 October 2021 10:23 AM

සමහරු කැමති හමුදා විනය මේක වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site