එක්තරා කටසැර රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. මුන්නැහේ කට ඇරියම හතර අතටම වනන පොරක්. පළාත ඌව... හැබැයි කට තිබුණට මේ පාරත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්...
කොහොම හරි උන්නැහේ ආණ්ඩුවට දායක වෙච්ච බුලත් කොළ පාටියේ ලොකු පාලන කොමිටි පාලක මණ්ඩල හැම එකකම වගේ ඉන්නව... ඒත් එයා මෑතක ඒ මණ්ඩල කොමිටි කිසිවක තිබුණ රුස්වීම්වලට ගියේ නැහැ.
ඉතින් මේක අධ්‍යයනය කරන දේශපාලන සගයෙක් කතා කරල ඇහුව ඇයි මචං උඹ කිසිම මණ්ඩලේකට කොමිටියකට එන්නෙ නැත්තෙ කියල... ලොක්කත් එක්ක මුකුත් අප්සෙට් එකක්ද කියලත් ඇහුව...
"අනේ නැහැ මචං... මම ඉන්නෙ ලොක්කා නිසා නෙවේ අර අහවල් ලොක්කි නිසායි. පහුගිය දවසක වේදිකාවේදී මම එයාට හොඳට නෙලුව. ඉතින් එයා ඔය හැම කොමිටියටම එනවනේ, මම ආවොත් ඕවයෙ වාඩුව ගන්න මම අල්ල ගන්නවනෙ. ඒකයි මම එන්නෙ නැත්තෙ. බැරිවෙලාවත් මම ආවම මට බැන්නොත් මටත් බණින්න වෙනවානෙ. ඒකෙන් අප්සෙට් එක ලොක්කටනේ. ඒ නිසා එයා එන කොමිටිවලට මම නෑ ඕන්....." කියල රාජ්‍ය ඇමැතිතුමා මාරැ වුණා.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එයා එන කොමිටිවලට මම නැහැ