සබරගමුව පළාතෙන් පත්වුණු ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා..උන්නැහේ බුලත් කොළ පාටියෙ පට්ටමක් දැරැවට වැඩිය හිත තියෙන්නෙ පරණ ලොකුතැන එක්ක කියලයි කතාව යන්නෙ..
ඒත් ඉතින් කරන්නම දෙයක් නැති තැන රටේ වැඩ කරන ජනතාවට යමක් කරන්න පුළුවන් පට්ටමකුත් භාරගත්ත කියමුකෝ.. ඒ පට්ටම ගත්ත විතරයි පළාතෙ ජනතාව මුන්නැහේට බර බරේ දාන්න පටන් අරන්ලු. වෙනද මහජන දිනේට හාරපන්සීයක් ගෙදරට එන එකේ දැන් දහයක් පහළොවක් වත් එන්නෙ නැතිලු..
පට්ටම ලොකු වුණාට ඒකෙන් පළාතට කරන්න දෙයක් නැති නිසා ඉන්නෙ හරිම අප්සෙට් එකේලු. පසුගිය දාක තමන්ට හිතවත් ආණ්ඩුවෙම දෙතුන් දෙනෙක් එක්ක වෙලා තියෙන සන්තෑසිය කියලා උන්නැහේ හරියට දුක් වුණාලු..
පරණ ලොක්ක කොපමණ හොඳවුණත් ඒ පවුලෙ දෙන්නෙක් නිසා පක්‍ෂය විනාස වුණා කියලත් කීවලු. මේ රාජපක්‍ෂ ඩබල අයින් කළොත් අපිට ආයෙම පරණ ලොක්ක එක්ක සැට් වෙන්න පුළුවන් කියලත් කීවලු.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එයාලා දොට්ට දැම්මොත් අපි එනවා