IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් 5 කට කොරෝනා

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් පස්දෙනකුට, ඉංජිනේරුවකුට සහ තාක්ෂණික නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි යන්න දැනගනීම සඳහා ගුවන් නියමුවන් 77 දෙනකු ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට ඉන්දීය බලධාරීහු පියවර ගෙන තිබිණි. ගුවන් නියමුවන්ට පස්දෙනාට සහ අනෙක් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ එහිදිය.

ඔවුන් කිසිවකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති අතර ඔවුන්ට නිවෙස්වලට වී ස්වයං-නිරෝධායනයට යොමු වන්නැයි සෞඛ්‍ය බලධාරීහු උපදෙස් දී ඇත.

ඔවුන් සියලු දෙනාම මුම්බායි නුවර වෙසෙන ගුවන් නියමුවන් යැයි ද වාර්තා විය.

වයිරසය ආසාදනය වී ඇති ගුවන් නියමුවන් සියලු දෙනාම ‘බෝයිං 787 ඩ්‍රීම්ලයිනර්ස්’ යානා පියාසර කරන ගුවන් නියමුවන් වන අතර ඔවුන් අවසන් ගුවන් යානයක් පියාසර කර ඇත්තේ අප්‍රේල් 20 වැනිදාය.

ලොක්ඩවුන් සීමා පනවා තිබූ සමයේදී ද ‘එයාර් ඉන්දියා’ ගුවන් යානා පියාසර කළේය. ඉන් වැඩි හරියක් ගුවන් යානා පියාසර කරන ලද්දේ විදේශවල සිටින ඉන්දීය ජාතිකයන් මුදා ගැනීම සඳහාය. එම ගුවන් යානා ඉතාලියට සහ ඉරානයට ද ගමන් කළේය.

විදෙස් ගතව සිටින ඉන්දීය ජාතිකයන් මුදාගැනීම මෙහෙයුම්වල පළමු අදියර මැයි 7 වැනිදා ආරම්භ විය. ගුවන් යානා 64ක් ඒ සඳහා යොදවා ඇති අතර පළමු සතියේදී ඉන්දීය ජාතිකයන් 15,000ක් ඉන්දියාවට රැගෙන ඒමට ගුවන් සේවය කටයුතු කර තිබිණි. තවත් 1,91,000ක් ඉන්දියාවට නැවත පැමිණීමට සූදානමින් සිටිති.

ඉන්දියාවෙන් අද (10) පස්වරු 4 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 62,939ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 2,109ක් ලෙස දැක්විණි.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් 5 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site