කොටි නායකයකු වන එමිල් කාන්තන් අද කොළඹ විශේෂ මහාධිකරණයේ පෙනී නොසිටියේ ඔහු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් විසින් නිකුත් කැරුණු වරෙන්තුව ආපසු නොකැඳවීම නිසා යැයි ඔහුගේ නීතීඥ ලක්ෂ්මන් පෙරේරා මහතා අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කියා සිටියේය.
ඊළඟ නඩු දිනයේ ඔහු ඉදිරිපත් කරන බවට පෙරේරා මහතා පොරොන්දුවක් දුන්නේය.
මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද 1998 දී ඝාතනය කිරීමට තැත්කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
එමිල්කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් පොලිසිය ද රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ එම නිවේදනය ද මහාධිකරණයෙන් තාවකාලිකව අත්හිටැවූ බවයටි.
එමිල්කාන්තන් උතුරු නැගෙනහිර මූල්‍ය ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එමිල්කාන්තන් මාර්තු තුන උසාවියට
සත්‍යයා Wednesday, 24 February 2016 05:12 PM
ඔය එන්නේ එළියට නාමල් බේබිගේ අතිජාත මිත්‍රයාගේ වැඩ කිඩ. ලන්ඩනයේදී එමිල් කාන්තන් එක්ක නාමල් බේබිල නැළවුණ වුන පින්තුර අපේ පුවත් පත්වල පලවුන බව බොහෝ දෙනෙකුට අමතක වෙලා. (අ)
සන්තුස් Wednesday, 24 February 2016 05:22 PM
මහින්දට එරෙහිව ලබා ගන්නා කොටි සාක්ෂියක්. යහපාලනයට නොතේරුනත් ජනතාවට හොඳට තේරෙනවා.(අ)
කෝසල Wednesday, 24 February 2016 10:56 PM
අහවලාගේ හොඳම යාලුවෙක් නේද? එක වගේ කුරුල්ලෝ එකට පියාඹනවා කියනවනේ. (නි)
ඩොනල්ඩ් Thursday, 25 February 2016 01:49 AM
හොඳයි ඔහොම යමුකෝ (නි)
තිලක්-ඩුබායි Thursday, 25 February 2016 01:50 AM
අනිවාර්යෙන්ම ගෙන්වලා රටේ සමහරුන්ගේ ඇස් අරවන්න. (නි)