වාණිජ නියෝජිතයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2002 අංක 8 දරන නීතිය යටතට වැටෙන භාණ්ඩ 35 ක් එම නීතියෙන් නිදහස් කෙරෙන 2016 අංක 24 දරන කැබිනට් නියෝගයට කටාර් එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතාගේ අනුමැතිය හිමිවිය. නව නියෝගයට අනුව ඕනෑම වෙළෙන්දෙක්ට මෙම භාණ්ඩ ආනයනය කිරීමේ අවසරය ලැබෙන නිසා ඉදිරියේදී වෙළෙඳපොළ තුළ
ඉහළ තරගකාරීත්වයක් ඇතිවිය හැකියැයි අපේක්ෂිතය.
2016 අංක 24 දරන කැබිනට් නියෝගයට අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසින් කටාර් රාජ්‍ය තුළ තරගකාරී ව්‍යාපාරික පරිසරයක් ස්ථාපිත වී කටාර් ජාතික දැක්ම 2030 සැළසුමට අනුව රජයේ සංවර්ධන සැළසුමට දායකවීමට පෞද්ගලික අංශය තුළ පෙළඹවීමක් ඇති වනු ඇතැයි ද අගමැති සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බින් කාලීෆා අල් තානි මහතා පවසයි.
කැබිනට් නියෝගයට අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික සහ වාණිජ අමාත්‍ය ෂෙයික් අහ්මඞ් බින් ජාසිම් අල් තානි මහතා පවසන්නේ කටාර් පාරිභෝගික වෙළෙඳපොළ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව ඉහත නියෝගයට අනුමැතිය ලබාදුන් බවයි.
මෙම නියෝගය හරහා විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයක් අනුගමනය කරන කටාර් රාජ්‍යය තුළ ඒකාධිකාරය සහ මිල පාලනය කිරීමට එරෙහිව අමාත්‍යාංශය විසින් කරගෙනු යනු ලබන ක්‍රියාමාර්ගවලට මනා පිටිවහලක් ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. එසේම භාණ්ඩ විශාල ප්‍රමාණයක් වෙළෙඳ නියෝජිතයන්ගෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඉන් භාණ්ඩවල මිලට හිතකර බලපෑමක් ඇතිවන බව ද ඔහු අවධාරණය කළේය.
ඉහත නියෝගය හරහා රටේ සියලු පුරවැසියන් සහ නේවාසිකයන් අතර ප්‍රමුඛතාවයක් සහිත භාණ්ඩ 35 ක් සහ අතිශය වැදගත් පාරිභෝගික සේවා කිහිපයක්ම නිදහස් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙලෙස නිදහස් කරන භාණ්ඩ අතර කිරි පිටි, වාෂ්ප කිරි, ව්‍යුත්පන්න කිරි, ළදරු ආහාර සහ කිරිපිටි, පශු සහ පශු ආශ්‍රිත නිෂ්පාදන, මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, සහල් පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, මාලු, මුහුදු ආහාර සහ නිෂ්පාදන, සියලුම වර්ගයේ තේ, කෝපි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සීනි, මීපැණි, යුෂ වර්ග, පාන වර්ග, ඛනිජ ජලය, මේස ලුණු, සියලුම වර්ගයේ පේස්ටි්‍ර, විස්කෝතු, චොකලට්, පැණි රස කෑම, අයිස් ක්‍රීම්, අල පෙති, ශීත කළ සහ අසුරන ලද ආහාර, සියලුම වර්ගයේ කජු, තිරිඟු කැබැලි සහ ධාන්‍ය, බෝංචි, ආහාර පිසීමට ගන්නා තෙල්, මේදය, ළදරු ඩයපර්ස්, ඩිටර්ජන්ට් කුඩු, සියලුම වර්ගයේ ටිෂූ, ඇලුමිනියම් ෆොයිල් සහ පෞද්ගලික පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ද වෙයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එමීර් නියමයෙන් භාණ්ඩ 35 ක් වාණිජ නියෝජිත නීතියෙන් නිදහස් කරයි