IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එන් ජී ඕ වැඩමුළුවට කළුගලක්

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හැව්ලොක් ටවුමේ හෝටලයක සංවිධානය කර තිබුණු ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් නතර කරන ලෙස දුරකතන ඇමතුම් දී තර්ජනය කළ බව එහි පුහුණු උපදේශක  ලෙස කටයුතු කරන ජයසිරි ජයසේකර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බව ද ඔහු පවසයි.

එම වැටමුළුව එම හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණත දිගින් දිගටම ආ තාර්ජන නිසා එහි නොතියා වෙනත් තැනක පැවැත්වූ බවත්, ඊට මාධ්‍යවේදීන් 40ක් පමණ සහභාගී වූ බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි.

රාවය කර්තෘ මණ්ඩල උපදේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ප්‍රධානී අමල් ජයසිංහ මහත්වරු ආරාධිත දේශන පැවැත්වූහ.

වැඩමුළුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද ඊට සහභාගී නොවන ලෙස එස් එම් එස් පණිවුඩ එවා තිබිණි.

අංක තහඩු නැති යතුරු පැදියකින් හා දෙදෙනකු වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබූ හෝටලට පාර්සලයක් විසි කර ගිය බවත්, ‘එල් ටී ටී ඊ එකට ඉඩ දෙන්න එපා‘ යනුවෙන් එහි සටහන්ව තිබූ බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රකාශකයෙක් කීවේය. කඩදාසියක එතූ කළු ගලක් එහි විය.

image-41be0dff9cc4f68138732825ac721c844a5a2571ca19c7bd5841602cea419c85-V



අදහස් (0)

එන් ජී ඕ වැඩමුළුවට කළුගලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site