‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන් රටවල් දෙකක්. ඒත් අපේ ජනපතියි අගමැතියි දෙන්නගේ සුසංයෝගය නිසා දැන් ඒ දෙරටම අපිට පූර්ණ සහයෝගය දෙන්න සූදානම්‘ යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී ඇමැතිවරයා එසේ කීය.
මුදල් ඇමැති රවී කරුණානායක එහිදී කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ විවිධ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් නැවත ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටි බවත්ය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එදා ලංකාවට විරුද්ධයි : අද අප සමගයි‘
මහින්ද සෞදි Tuesday, 23 February 2016 11:53 AM
වැල යන පැත්තට මැස්ස ගහන අය ගෙන් එක්කෙනක් තමයි මෙයත්,(බ)
නිහාල් Tuesday, 23 February 2016 12:02 PM
අපිට වෙන්නේ බලන් ඉන්න තමයි.(හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 23 February 2016 12:05 PM
එතකොට මේ පාරත් ...ජී එස් පී ප්ලස් එකට බාලගිරි දොසේද?????ගිය ආණ්ඩුවේත් ඔබතුමා....ඔය කවුන්සල් වලට රට නියෝජනය කලා නේද ....ඇත්තටම එදාට වඩා අද වෙනස හොදයිද (හේ)
සමීර Tuesday, 23 February 2016 12:25 PM
ඇසළ, අපිට වෙනස්කම් ගොඩක් පෙනෙනවා , ඔයාගේ අැස් දෙක සාටකයෙන් වහලනේ, ඒක නිසා මේ රජයෙන් කරන දේවල් පෙනෙන්නේ නැහැ .(බ)
සුසන්ත Tuesday, 23 February 2016 12:38 PM
ඔවුන් නියෝග කරන හැම දෙයක්ම එයාකාරයෙන්ම ඉටු කරන රජයකට ඔවුන් කවදත් මනාපයි! 88-89 කෙතරම් මිනි මරලත් ඔය එක රටක්වත් ආණ්ඩුවට විරුද්ධ වුනාද, නැහැ නේද? මහින්ද කෙතරම් හොඳ කළත් ඔහුට සුළු හරි බුරුලක් දුන්නද මේ රටවල්, නැහැ නේද? (බ)
සුසන්ත Tuesday, 23 February 2016 12:33 PM
අපිට පම්පෝරිය. හැබැයි අයිඑම්එෆ් එකෙන් ගලවාගැනීමේ මුදල් හිඟා කනවා... අච්චර හොඳට දියුණු වුන ආර්ථිකේ එක අවුරුද්දෙන් බිමටම එලා දාල. ඔච්චර සහය තියෙනවනම්, දැන් හොරත් නැතිනම්, අපේ ආර්ථිකේ දැන් කොච්චර දියුණු වෙන්න ඕනද? කිසි දියුණුවක් තියේද, කිසි සංවර්ධනයක් වේද? දැන් හදල ඇමතිලා රංචු පිටින් ගිහින් විවෘත කරන්නේ කානු, මාර්ග සංඥා කුළුණු 1ක් වගේ සරල දේවල්. හරිම සරලයි! (බ)
ආරච්චිගේ Tuesday, 23 February 2016 12:48 PM
වැදගත් පුවතක්.(හේ)
චානක Tuesday, 23 February 2016 09:17 AM
හොඳ ආරංචියක් (හේ)
ධම්මි Tuesday, 23 February 2016 02:08 PM
සුවච කීකරු ගෝලයින්ට මොකට විරුද්ධ වෙනවද?(හේ)
දීපාල් නිරෝෂ් Tuesday, 23 February 2016 02:15 PM
මේක හොඳ ප්‍රවනතාවක්, හැබැයි එය රැකගැනීම තමයි අසීරු කාර්යය.(හේ)
රසික Tuesday, 23 February 2016 09:16 AM
දැක්කා නේද වෙනස/ (හේ)
ගයාන් Tuesday, 23 February 2016 09:26 AM
හරි වෙන මොනාද ? (ර)
සංජීව Tuesday, 23 February 2016 10:00 AM
ඔවුන් අප සමග එක්වෙන්නේ අප ඔවුන් කියන දේට එකග නිසානේද ? ඉතින් අපි ඔවුන් සමගද? ඔවුන් අපි සමගද ? මට මේවා තේරෙන්නේ නම් නැහැ. මාරු වෙනස.(හේ)
සදුන් Tuesday, 23 February 2016 10:00 AM
එයාල රූකඩ වලට කැමතියිලු.(හේ)
සමරනායක Tuesday, 23 February 2016 10:09 AM
දැක්ක නේද අැමතිතුමාගේ වෙනස.. මාධ්‍ය සාකච්ඡා .... මාධ්‍ය සාකච්ඡා.... විතරයි.(හේ)
ඇසළ Tuesday, 23 February 2016 10:46 AM
කටින් බතල කොළ හිටවීම ඇර වෙන මොන වෙනසක් වත් පේනවද කාටවත්.(ම)
නිමල් ලාලිත Tuesday, 23 February 2016 10:54 AM
හිටපු ජනපති තුමාගේ කාලයේදී කියපුවා අමතක කරන දැන් මේවා කියන්නේ කටෙන්ද? දැන් මේ රට විදේශිය අතකොළුවක්,රූකඩයක් නිසා එදා කොටි සුරතල් කරපු විදේශිය බල වේග දැන් සිරි ලංකාවට හරිම ආදරෙයි. ඕක හරියටම හරියන්න නම් අර වෙල්විදාන් වත් අධිකරණයට ගෙන යා යුතුය,එදාට තවත් ආදරේ කරාවි.(බ)