අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී මිය වේලාවට පැය ගණනකට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ බව කියන සැකකටයුතු වාහනයක් ගම්පහ ප්‍රදේශයේ සැරිසැරූ බවට එදින ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළ බවට තොරතුරු ඇතැයි විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට අද (29) දැනුම් දුන්නාය.
එදින ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ගේ සටහන් පරීක්ෂා කරන ලෙස අධිකරණයේ දී රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නීතීඥවරිය, එය පරීක්ෂණවලට පිටිවහලක් වනු ඇතැයි පැවසුවාය.
නීතීඥවරිය එලෙස කීවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම මරණ සම්බන්ධයෙන් තමන් විමර්ශන බාර ගත් බවත්, මෙතැන් සිට ඉදිරියට විමර්ශන කරගෙන යන බවත් රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් දුරකතන සේවා සමාගමක් ලබා දුන් වැරදි වාර්තාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ගම්පහ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ලබා දුන් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවද නීතීඥ රාජිකා මහත්මිය අතිරේක මහේස්ත්‍රාත් කන්නංගර මහතා හමුවේ ප්‍රකාශ කළාය.
මුල සිටම මෙම සිද්ධියේ පරීක්ෂණ සිදුවූයේ සැකය වැඩි වන අන්දමට බවත්, අනතුරට ලක්වූ යතුරු පැදිය යළි එම ස්ථානයටම ගෙනැවිත් ප්‍රති නිරූපනයකට (රීකන්ස්ට්‍රක්ෂන්) ගොස් රස පරීක්ෂණය සිදු කරන ලෙස හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය දුන් නියෝගය අනුව රස පරීක්ෂක කටයුතු නොකළ බවත් නීතීඥවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
2012 සැප්තැම්බර 27 වැනි දා එලෙස මිය ගොස් සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති මාතලේ පදිංචි ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය මෝදර පදිංචිව සිටි සිසිත ප්‍රියංකරද සිල්වා යන දෙදෙනාය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයකට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට පාගමනින් එන අතරතුර 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව නඩුවේදී කියැවිණි.
මෙය රියඅනතුරකින් සිදුවූ මරණයක් බව පොලිසිය කී අතර මරණය සැක සහිත බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කීවේය.
ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය සහ ගම්පහ හිටපු මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහත්වරුන් හමුවේ මුලින් මෙම පැමිණිල්ල විභාග විය.
වැඩිදුර විභාගය අප්‍රේල් 26 වැනි දාට කල් තැබිණි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද, මිය ගිය සිසුන්ගේ ඥාතීහු පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදා ඉඹුල්ගොඩ පී.එස්.ඩී වාහනත් කැරකිලා?
ප්‍රසාද් Monday, 29 February 2016 08:46 AM
තාජුදීන්ට උනා වගේ දෙයක් වෙලාද? (කෞ)