IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එතෙර බිත්තර මෙතෙර වෙළෙඳ පොළට නෑ

(අංජුල මහික වීරරත්න)

ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා තවදුරටත් ඉඩ ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේ ද අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස බිත්තර අලෙවි කරුවන් ව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට අවසර නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යාංශය පවසයි.

මෙහිදී කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත කරුවන් ඉල්ලා ඇත්තේ මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙසයි. සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන්ම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළහ.

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් ඇතුලත රට පුරා බිත්තර සුලබ කරන බව බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රකාශ කළැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බවත්, සහල් සත්ව ආහාර සදහා යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමටත් පියවර ගන්නා බවත්ය.

එමෙන්ම බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සදහන් කළ අමාත්‍යවරයා බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපොලට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බව සඳහන් කළේය.

 



අදහස් (5)

එතෙර බිත්තර මෙතෙර වෙළෙඳ පොළට නෑ

යෝගා Sunday, 30 April 2023 01:28 PM

හරි එහෙනම්. ඇමතියට කුට්ටිය ලැබිලා. නැත්නම් කරන්න ඕන බිත්තර සුලබ වෙනකම් නෙමෙයි මිල අඩු වෙනකම් ආනයනය නතර නොකෙරෙන එකයි මේ කියන්නේ... නිෂ්පාදන වියදම අඩු කරන්න, බිත්තර සුලබව 60 ගානේ දෙන්නම් කියලයි.

:       1       6

ravin Sunday, 30 April 2023 03:04 PM

මෙරට වැඩ. කුකුලු ආහාර සඳහා සහල් භාවිතය ඉවත් කළගමන් මොකද වෙන්නේ? සහල් මාෆියාව නැවත හිසඔසවන එක නොවේද?

:       1       2

කිරිපුතා Sunday, 30 April 2023 03:12 PM

බිත්තර හංගලා වග පැහැදිලියි. ඒවා එයාලටම ඔම්ලට් දාගෙන කන්න කියමු

:       2       6

Sunil Sunday, 30 April 2023 06:38 PM

සුදු ළූණු, සීනි වගේම මේකත් ලොකු ප්‍රෝඩාවක්...

:       1       4

Lalla Monday, 01 May 2023 10:59 AM

හැම දේම ආනයනය කරන මානසිකත්වය එන්නේ කොමිස් කුට්ටිය නිසා පමණයි. රටේ ජනතාව දත යුතු ප්‍රධාන කරුණ මෙරට දේ පාවිච්චිය වැඩිකිරීම මගින්ම පමණක් මිල පාලනය කිරීම. නිෂ්පාදනය වැඩි වන්නේ භාවිතය වැඩිකිරීම මගින්ම පමණි.අනික නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට උදව්වීම රජයේ යුතුකම....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site