IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එතුමා අලියා පිට නගීද?

20160329-ent-14ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළ පාටියෙ ලොකුම පට්ටමක් තියන ලොකු මහත්තයෙක් අලි පාටිය පැත්තට ඉව අල්ලන්න පටන් අරන් කියල තිරය පිටිපස්සෙ කතාවක් යනව.


ඈත දුර පළාතක් නියෝජනය කරන මුන්නැහේ පහුගිය ඡන්දවලදි බුලත් කොළෙන් සටන් කරල ආසනේ ගොඩදාගන්න බැරි වුණ ලොක්කෙක්...

කලක් ආණ්ඩුවෙ ඉහළම තනතුරැ බලාගෙන හිටපු මෙතුමා ළඟදි දේශපාලනඥයන්ට වාසනාව උදාවන ආකාරය ගැනත් කතාවක් කළාලු... ඉතින් පහුගිය ටිකේම පළාත් සංවර්ධන කටයුතුවලදි මුන්නැහේ වැඩ කළේ අලි පාටියෙ ලොකු මහත්තයෙක් එක්ක කියල තතු දත් අය කියනව.

මෙයට ටික කලකට කළින් තමන් නම් නැවත ඡන්ද ඉල්ලන්න අදහසක් නැහැ කියලා මැති සබා ලොබියෙ කිය කිය හිටිය මෙතුමා දැන් වාසනාව උදා කරගන්න හදන්නෙ අලියගෙ වලිගෙ එල්ලිලාද කියල කට්ටිය බලාගෙනයි ඉන්නෙ. මුන්නැහේගෙ දිස්තිරික්කෙ එතුමා එක්ක ප්‍රතිවාදීව සටන් කරපු අලි පාටියෙ කටකාරයටත් මෙතුමා එක්ක ගැටෙන්න එපා කියල අවවාද ලැබිලලු.


DESHAYA



අදහස් (0)

එතුමා අලියා පිට නගීද?

රන්ජන් Wednesday, 30 March 2016 01:06 AM

මේක යම් පිරිසක් විසින් ‍ගෙතූ කටකතාවක් වෙන්නත් පුළුවන්. අපි බලමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site