මාර්තු 17 වැනිදා සවස 6ට කොළඹ ආනන්ද විද්‍යලයීය කුලරත්න ශාලාවේදී එඩ්වඩ් ජයකොඩි විසින් රචිත ගීත සමුච්චයක් ඇතුළත් ශ්‍රවන සංයුක්ත ගීත තැටිය හා සඳ තරැමල් ගී මුතුවැල් ළමා ගීත පොත ජනගත කිරීමට සියලු කටයුතු සූදානම්ය.
සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශයක් හා නිෂ්පාදනයක් වන "සඳතරැමල් - ගී මුතු වැල්" සංයුක්ත තැටිය හා ගීත පොත පිළිබඳව අදහස් දක්වමින් විශාරද එඩ්වඩ් ජයකොඩි මුලින්ම ස්තූතිය පිරිනැමුවේ මෙවැනි කාර්යකට අර්ථපති දායකත්වය ලබාදුන් ගුණසේන සමාගමටය.
"මම ගීත රචකයෙක් නෙවෙයි. නමුත් අවුරැදු 35ක් 40ක් වැනි කාලයක ඉඳලා ගීත පරිශීලනය කර ඇති නිසා ගීතය, සංගීතය ගැන, ගීතයේ හඬතල ගැන මම හඳුනාගෙන තිබෙනවා. ගීතයක් තුළින් ලබා දිය හැකි පණිවිඩ හඳුනාගෙන තිබෙනවා. මේ ගීත රචනා ඉතාම සරල නිර්මාණ. කාලයක ඉඳලා මේ ළමා ගීත රචනා කරලා මම එකතු කරලා තිබුණු ඒවා. ඇම්.ඩී. ගුණසේන සමාගමට මේ ගැන ආරංචිවෙලා මට ආරාධනා කළා මෙවැනි නිර්මාණයක් අපේ ළමා පරපුර වෙනුවෙන් කරන්න කියලා මම ඒ අභියෝගය ඉතාම ආශාවෙන් හා කැමැත්තෙන් භාර ගත්තා."
"අපි කවුරැත් ආදරය කරන ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්ත සිංහ - සිබිල් නැන්දා - මේ ගීත පොත අපූරැ සිත්තම්වලින් හැඩ කරලා තිබීම සුවිශේෂී කරැණක්," එඩ්වඩ් කීය.
විශාරද චරිතා ප්‍රයදර්ශනී පීරිස් පැවසුවේ මෙය නොමිලේ පැවැත්වෙන උත්සවයක් බැවින් ළමුන්ට තම මාපියන් සමඟ මේ අවස්ථාවට සහභාගී වී අපූරැ අත්දැකීමක් ලබා ගත හැකි බවය.
"මේක දරැවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් රස විඳින්න පුළුවන්," චරිතා කීවාය.
"අපි ඉස්සර ගමේ සෙල්ලම් කලේ අපේ ගෙවල් ළමයි, මුළු ගමේම ළමයි එකතු වෙලා - අපි ගහ ගන්නවා, රණ්ඩුවෙනවා, තරහ වෙනවා, ආයෙ යාළුවෙනවා. නමුත් ඒකෙ මොකක්දෝ සාමුහික බවක් තිබුණා. අද පවුල්වල බොහෝ විට ඉන්නෙ ළමයි දෙන්නයි නැත්නම් තුන්දෙනයි. ඒ තුන්දෙනත් කාමර තුනක තමයි සෙල්ලම් කරන්නෙ. බොහෝ වෙලාවට ඒ තුන්දෙනා එකට එකතු වෙන්නෙ කලාතුරකින්. ඒ නිසා අද සමාජයේ සාමූහික බව, සමගිය ගිලිහිලා. ඒ කාලෙ ගම්වල සල්ලි දීලා කිසිම වැඩක් කර ගත්තෙ නැහැ. ගමේ හැමෝම එකතුවෙලා සාමුහිකව තමයි වැඩ කළේ. සංගීත ඥානය වගේ එවැනි ගුණාංගත් අපි ඉගෙන ගත්තෙ අපේ ඒ ළමා පරිසරයෙන්. අද නගරයේ තත්ත්වය වෙනස්. මේ නිර්මාණ තුළින් මට ඕන වෙලා තියෙන්නෙ ඒ ගැන මේ දරැවන්ටත් මාපියන්ටත් කියලා දෙන්න. මේ නිර්මාණයට අපේ සැරිසර සංගීත ශාලිකාවේ සිසු දරැ දැරියන් දායක වෙලා තියෙනවා. මම මව්පියන්ගෙන් ඉල්ලන්නෙ ඔබේ දරැවන්ට පරිසරය ගැන කියලා දෙන්න. ගහ කොළ, පළතුරැ ගැන කියලා දෙන්න මඩත් එක්ක වැලි එක්ක සෙල්ලම් කරන්න දෙන්න, තණ කොළ පාගන්න දෙන්න, රුල්ල පාගන්න දෙන්න,
මේ ගීත පොතේ හා සංයුක්ත තැටියේ විශේෂතා කීපයක් තියෙනවා. මේ ගීත පොතේ අඩංගු සෑම ගීතයකම පෙරදිග ස්වර ප්‍රස්ථාර වගේම බටහිර සංගීත ප්‍රස්ථාරත් ඇතුළත් වෙනවා. සංයුක්ත තැටියේ හැම ගීතයකටම පස්සෙ එම ගීතයේ සංගීත පථයක් (Music Track) අඩංගු වෙනවා. සංගීතයට ඇලුම් කරන ඕනෑම කෙනකුට මේකෙන් ප්‍රයෝජන ගත හැකියි. සංගීත පථයට ගීත ගායනා කරන්න ළමුන්ට වගේම මාපියන්ටත් මෙමගින් හොඳ අවස්ථාවක් ලැබෙනවා", විශාරද එඩ්වඩ් ජයකොඩි කීය.
රමේෂ් උවයිස්
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එඩ්වඩ්ගෙන් අලුත් පිම්මක්