IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප මහ සම්මෙිලනය අනිද්දා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ මහා සම්මෙිලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (21) සවස 2ට  උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අබේවර්ධන මහතා කීවේ මෙවර සම්මේලනයේ දී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුලත් කරන බවයි.

නවලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට  පහසුවෙන් රට  ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස  කරන බව කී අබේවර්ධන මහතා මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහාද ව්‍යවස්ථාවෙි  සංශෝධන ඇතුළත් ව තිබෙන බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයෙන් පසු ව සියලු ජාතීන්,ආගම් , ජන කොටස් මෙන් ම තරුණ පරපුර ඉදිරියට ගැනීම සඳහා ලංකාව පුරා නව ගමන් මගක් ජනාධිපති,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරන බව ද එජාප සභාපතිවරයා කීය.

එජාපය මෙම විශේෂ මහා සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස බවද අතීත අභියෝග ජයගත්තා සේ අනාගත අභියෝග ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.

 

 



අදහස් (6)

එජාප මහ සම්මෙිලනය අනිද්දා

අරවින්ද මොනරවිල Thursday, 19 October 2023 02:16 PM

ඒකේ තේමා පාඨය "48 ජය ගනිමු" අනිවාර්යෙන් රනිල් ඉන්නාතුරු ජයගන්නවා බොරුයි... පක්ෂයේ එවුනුත් දන්නවා.

:       1       1

de silva berlin Thursday, 19 October 2023 02:43 PM

අපේ අදායමට වැඩිය රජයේ වියදම් වැඩි IMF එකෙන්, රජයේ වියදම් අඩු කරගන්න. වහාම රජයට අයවිය යුතු ආදායම්බදු, රේගු බදු, සුරාබදු නිසිලෙස අය කරගන්න.. අල්ලස්, දූෂණ අවම කරගන්න කටයුතු කරගන්න කියලා උපදෙස් දීලා තිබෙනවා.. මේ කිසිම දෙයක් කරන්නේ නැතුව, මුදල් ඇමැතිකම දරන ජනාධිපති කරන්නේ පිරිවර සමගින් ලෝකේ වටේ රවුම් ගහන එක... මාසෙන් දින 15 කට වැඩි ප්‍රමාණයක් එතුමා ගත කරන්නේ පිටරට... එහෙම නොමැති නම්, ගුවනේ, මේවා අපේ රටට කිසිම වැඩකට ඇති ගමන් නොවේ... ඇමරිකාවේ, චීනේ හෝ ඉතියෝපියාවේ ගොවිජන සමිතියක, මරණාධාර සමිතියක, වෘත්තීය සමිතියක රැස්වීමකට ආරාධනා කළත් අපේ ජනාධිපති පිරිවර සමග එහේ යනවා. මේවාට වියදම් කරන්නේ රටේ ජනතාවගේ මුදල්, එහේ ගිහින් මාධ්‍යවේදියෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිව අසංවර ලෙස හැසිරෙනවා. පිටරටවල රවුම් ගහන්න ගත කරන කාලය රටේ ආදායම්බදු දෙපාර්තමේන්තුව, රේගු ප්‍රශ්න වැනි දේවල්වලට මිඩංගු කළා නම් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙන බව මගේ අදහසයි...

:       0       2

Bamunuarachchi Thursday, 19 October 2023 03:00 PM

ඕකට අර මහේෂ් කියන කෙනා එයි වැඩ පෙන්නන්න...!

:       0       0

fairoosThursday, 19 October 2023 07:40 PM

රනිල් රාජපක්ෂලාට කඩේ යන අය තමයි ජීවතුන් අතර ඉන්නේ...!

:       0       0

Kazi Shajahan Thursday, 19 October 2023 04:01 PM

කවුද ඕවාට යන මැටි හරක්...? 

:       1       1

thilak Thursday, 19 October 2023 09:37 PM

වජිර සභාපතිව ඉන්නකන් මම එජාපයට ඡන්දෙ දෙන්නේ නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site