IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එජාපය කම්කරුවන් සමග මැයි1සුගතදාස ක්‍රීඩා පිටියට

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මැයි 01දා උදේ 10 ට මැයි දින රැලිය ආරම්භ කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී මැයි දින සැමරුමේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රමුඛත්වයෙන් මැයි දින රැළියේ සංවිධාන කටයුතු සිදු කෙරෙන අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගි වීමට නියමිත පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

කොරෝනා අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර තුනේ මැයි දින රැළි පැවැත්වූයේ නැත.

 



අදහස් (6)

එජාපය කම්කරුවන් සමග මැයි1සුගතදාස ක්‍රීඩා පිටියට

Sunil Monday, 10 April 2023 07:55 AM

බල්ලෙක්වත් එන ඒකක් නෑ

:       1       8

නිමේෂ් Monday, 10 April 2023 08:12 AM

විදුලි බිල වැඩි කලෙත් පොඩි මිනිහට පමණයි , ජල බිලත් එහෙමයි , රජයේ රෝහල් වල බෙහෙත් නැහැ , දොස්තරලා නැහැ ... කරන්න පුළුවන් ඔක්කොම කෙනෙහිලි කම් කරලා කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යන මේ පිනා සහ ගොලොයෝ රෑනට මිනිස්සු පාරට බැහැල හු කියන්න ඕනේ හරිනම්

:       0       11

Surain Monday, 10 April 2023 11:53 AM

කම්කරුවා කෙසේවෙතත් හොරු රැළක් එක්ක නම් සමරයි වගේ...

:       1       12

fairoos Monday, 10 April 2023 12:53 PM

අනේ වාසනාවන්... බත්පැකට් එකයි අරක්කු බෝතලයයි...

:       1       9

Nihal Monday, 10 April 2023 01:39 PM

වෙස්වලාගත් පොහොට්ටුවෝ එයි.., ආත්ම ගෞරවයක් නැති අලි පොහොට්ටුවෝ...

:       0       4

මහී Monday, 10 April 2023 04:46 PM

මැයි දිනය අයිති වැඩ කරන ජනතාවටයි. වැඩක් නොකරන ගතානුගතික දේශපාලකයින්ට එය හිමි නැත. වැඩකරන ජනතාව ඉන්දියානු ලොරි බස්වල දාඩිය පෙරාගෙන මැයි රැලියට එන්න ඕනෑ නැත. වේදිකාවේ ඉන්නා අය එන්නේ සැප වාහනවලයි. ඔවුන්ට දාඩිය දාන්නේ නැත. ඔවුන්ට දුක දැනෙන්නේ නැත. ඔවුන්ගේ තඩි ගෑනු, පැටවූ රැලිවලට එන්නේ නැත. වැඩ කරන ජනතාවනි, මැයි දිනය දවසේ පවුලේ උදවිය සමග සතුටින් ගත කරන්න. දේශපාලුවන් ක්‍රෙඩිට් දා ගන්නා මැයි රැලි අල කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site