(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බවත් නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සමහරුන් බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවාට ඔවුන්ට නීත්‍යානුකුල අයිතියක් නැතැයි කී අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇතැයි කීය.
ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 72වන සමුළුව ඉතාමත් ඉහළින් පැවැත්වූ බව කී මහින්ද අමරවීර මහතා අගමැතිතුමන් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් ඊට සහභාගී වූ අතර පක්ෂය සමඟ එකතු වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’එජනිස, හරි මහලේකම් මම’’
බී අමරසිංහ Wednesday, 06 September 2023 03:23 AM
පක්ෂය සමග එකතු වෙන්නෙ මොකටද? මෙයාලා ආවයින් පස්සේ රටට මාර සෙතක් නේ වුනේ?