කෝවිඩ් - 19 වයිරසය හේතුවෙන් එංගලන්තයේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබේ. මේ වන විට කෝවිඩ් -19 වයිරසයෙන් මියගිය එංගලන්ත වාසීන්ගේ ගණන 21 ක් වී තිබේ. ඊයේ (13 වැනිදා) රාත්‍රියේදී පමණක් 10 දෙනකු මියගොස් ඇත. තවත් 320 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වන විට කෝවිඩ් -19 වයිරසය ආසාදනය වූ එංගලන්ත වාසීන්ගේ සංඛ්‍යාව 1140 කි.
මෙම අද (14 වැනිදා) එංගලන්ත වේලාවෙන් පස්වරු 2.40 වන විට තිබූ තත්ත්වයයි.
තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරීම හේතුවෙන් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා ලබන සතියේ සිට සියලුම ආකාරයේ මහජන රැස්වීම් අවලංගු කරන ලෙස නිවේදනය කළේය.
එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන මහාචාර්ය ක්‍රිස් විටී මහතා ප්‍රකාශ කළේ මෙතෙක් මියගොස් ඇත්තේ අවදානම් කලාපයේ සිටින රෝගීන් බවයි. ඊයේ රාත්‍රියේ සිටි කෝවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව අද දහවල් වන විට 1140 දක්වා ඉහළ ගොස් තිබිණ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ වන විට කොරෝනා (කෝවිඩ් - 19) රෝගයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇති බවයි.
මේ අතර එංගලන්ත ව්‍යාපාරිකයන්ගේ අදහස වී ඇත්තේ තම තමන්ගේ ආයතන සේවකයන් නිවසේ සිට රැකියා කිරීමට පහසුකම් සපයා දිය යුතු බවයි.
කොරෝනා වයිරසය ආසාදිත යයි සැක කටයුතු රෝගීන් කිසියම් නිශ්චිත කාලයක් තුළ පොලිසියේ රඳවාගැනීමට පොලිසියට බලය පැවරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. වයිරසය පැතිරීම පාලනය කරගැනීමට ඊට වඩා දෙයක් වුවද කළ යුතුවන බව එංගලන්ත බලධාරීන්ගේ මතය වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එංගලන්තයේ කෝවිඩ් - 19 මරණ දෙගුණ වෙයි
මුණසිංහ Sunday, 15 March 2020 01:02 AM
ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත හෙළි වී හමාරයි. සියලුම රට වලින් ගුවන් ගමන් තහනම් ඇමරිකාවට. හැබැයි එංගලන්තයට හැර. ඇයි ඒ?