IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක නොම්බරෙන් අපුරේ වාහන දෙකයි

එකම අංකය සහිත ජීප් රථ දෙකක්  අනුරාධපුර නගරයේදී අද (25) පෙරවරුවේ පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

එක් ජීප් රියක අංකය 31 ශ්‍රී 2124 වන අතර අනික් ජීප් රියේ  අංකය 31-2124  වේ.

 උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලයයේ  නිලධාරීහු  මේ සදහා පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (0)

එක නොම්බරෙන් අපුරේ වාහන දෙකයි

රනිල් Friday, 25 October 2013 01:08 PM

එක වගේ නිවුන්නු ඉන්නේ ,..ඕක මොකක්ද ,..එහෙම වෙන්න ඇති .(නදී)

:       0       0

උපාලි Friday, 25 October 2013 01:09 PM

හදිස්සියට ගහ ගත්තු නොම්මර තහඩුව ගලවන්න අමතක වුනා වත්ද? (ස)

:       0       0

චමත් ඉතලිය Friday, 25 October 2013 01:35 PM

අයියෝ ඕක හොයාගන්න ඔච්චර අමාරුද?අනික අපේ පොලිසියට. මම කියන්නේ නම් උතුරු මැද දේශපාලනඥයකුගේ ඒකයි පොලිසිය තවම පරීක්ෂණ කරන්නේ..(නදී)

:       0       0

කුමාරසිරි Friday, 25 October 2013 01:36 PM

ඉතින් හරිනේ,එකක් ශ්‍රී ලංකා ජනරජයේ , අනික ඇමති පුතාගේ.(නදී)

:       0       0

අමල් Saturday, 26 October 2013 09:14 AM

කමල් ඔබගේ තර්කය හරි, නමුත් ලංකාවේ "ශ්‍රී" අකුර "-" කින් ඉවත් වුන බව මතකද? (නදී)

:       0       0

ආරියසේන Saturday, 26 October 2013 09:17 AM

ජීප් දෙකකට එකම තහඩු අංකය දමාගෙන ගෙදර තියාගන්න ඇති මාරු වෙන් මාරුවට දාවනය කරන්න ,වැරදීමකින් අනෙක් ජීප්රිය ගෙදර තියෙනවා කියල හිතාගෙන අනෙක් ගෙදර ඉන්න අනෙක් පුතා අරන් යන්න ඇති අවාසනාවකට වගේ දෙකම එක මාර්ගයේ ගිහින් පොලිසියට මාට්ටු වෙන්න ඇති. ඔය 31 ශ්‍රී 2124 ඇමති ලොක්කෙගුගේ කියල හිතන්න අපහසුයි. (නදී)

:       0       0

අරුන්දි Saturday, 26 October 2013 08:52 PM

ශ්‍රී නැති කාර් උතුරට දැනටම දීලද? මොන නිවට කමක්ද මේ? අපරාධ කරන්න ලේසියි? (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 01:44 PM

අයියෝ ඕක මොකක්ද ? නොම්මර තහඩු නැතුව දුවන රටේ එකෙන් දෙකක් දිව්වම මොකද වෙන්නේ අප්පා ? .(නදී)

:       0       0

කමල් Friday, 25 October 2013 02:01 PM

වාහන හදුනාගැනීමේ අංක දෙක සමාන නැහැ. නඩු දැම්මොත් පරාදයි. එකක් 31 ශ්‍රී 2124 වන අතර අනික අංකය 31-2124. ඉලක්කම් සමාන උනාට මැද ඇති ශ්‍රී අකුර සහ ඉරි කැබල්ල (-) මගින් වෙනත් අදහසක් ලැබෙනවානේ. අනිත් එක මේක හිටපු අගවිනිසුරුවරියගේ නොවෙයිනේ ඔච්චර කෑගන්නේ මොකද?.(නදී)

:       0       0

රොෂාන් ෆෙර්ණන්දෝ Saturday, 26 October 2013 09:56 PM

දේශපාලකයින්ට නම් එක නොම්මරයක්වත් නැහැ (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 26 October 2013 10:57 AM

කාගේ හරි ලොක්කෙකුගේ අරක්ෂකයකුගේ වෙන්න ඇති (නදී)

:       0       0

අමල් Friday, 25 October 2013 02:54 PM

කමල්, ඔයා ලංකාවේද ඉන්නේ..(නදී)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Friday, 25 October 2013 02:56 PM

මේවා අයිති ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ටද ? කුඩු හෝ කසිප්පු කාරයන්ටද ? .(නදී)

:       0       0

ශාන් Saturday, 26 October 2013 12:18 PM

පින්තූර නැත්නම් විශ්වාස කරන්න බැහැ.(නදී)

:       0       0

අශාන් Saturday, 26 October 2013 01:10 PM

ශාන් , විශ්වාස කරන්න මෙය සකල සිරින් පිරි සිරි ලංකාව. (නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 03:35 PM

අංක තහඩු නැති ඒවා අල්ලන්න තමයි කවුරුවත් නැත්තේ. (ස)

:       0       0

කමල් Saturday, 26 October 2013 12:07 AM

මෙතන ලංකාවේද පිටරටද ප්‍රශ්ණයක් නැහැ.31 ශ්‍රී 2124 හා 31-2124 සමාන වන්නේ කෙසේද? (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 03:48 PM

මොන උනත් එකෙක් අහිංසක මනුස්සයෙක් වෙන්න ඇතිනේ.ඒ මිනිහත් නඩු හබ වලට පැටලිලා එලියට එද්දී හොඳ පණ ගිහින් ඇති. (ස)

:       0       0

පෙරේරා Sunday, 27 October 2013 08:33 AM

පින්තූර දෙකත් තිබුනා නම් අගේ ඇති වාර්තාවක් (නි)

:       0       0

කුමාර Sunday, 27 October 2013 09:11 AM

මේ වාගේ වාහන තව තිබෙනවා (නි)

:       0       0

කුමාර Sunday, 27 October 2013 10:32 AM

රහස්‍යභාවය රකිනබවට පොරොන්දු වෙනවා නම් එළිපිට සිද්ධවෙන වංචා දූෂණ රැසක් පිළිබඳ තොරතුරු මගෙ ළඟ තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site