IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි

(අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහදපුර මහත්මිය පැවසුවාය.

වෙරළ පිරිසිදු කිරීමට අදාල ගෙවීම් කටයුතු පියවීම සදහා එම මුදලින් රුපියල් 903,857,293 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවද ඇය පැවසුවාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව ද ළහදපුර මහත්මිය පැවසුවාය.

එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.

 



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි

V-8 Monday, 29 August 2022 12:11 AM

පාරේ අළුත්ම ඇමැති වාහන දෙක තුනක් දැකිය හැක..!

:       0       1

Indhika Monday, 29 August 2022 05:43 AM

ලැජ්ජයි . රුපියල් බිලියන 1.3 ලොකු ගානක් වගේ පෙනුනට වෙලා තියන හානිය සහ නැව් සමාගම් වල රක්ශන පොලිසි එක්ක බැලුවම සුලු ගානක්. අනික, නැවේ එක වාරයකට යන ඉන්ඨන වියදමත් එක්ක බලුවම ලැබිලා තියෙන මුදල නොසලකා හරින්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site