IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාව පළිගැනීම්වලට ලක්වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 42 ක ජනතාවට පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා සිදුවීම් උපුටා ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ ලේකම් වාර්තාව මගින් එම රටවල් 42 කට අයත්  ප්‍රධාන වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ මාධ්‍යවේදීන් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සමග කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට ලක් වූ ආකාරය පිළිබඳ  විස්තර ඉදිරිපත් කර තිබේ. එම පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට පුද්ගලයින් රඳවා තබා ගැනීම, එම පුද්ගලයන් සීමාකාරී නීති මගින් ඉලක්ක කිරීම, ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ නිරීක්ෂණය කිරීම ඇතුළත් වන බව එම වාර් තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ දක්වා ඇති සියලුම බිය ගැන්වීමේ සහ පලිගැනීමේ සිදුවීම් පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා  අපයෝජනයන් සඳහා තොරතුරු, සාක්ෂි හුවමාරු කර ගැනීමට හෝ සහන සෙවීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටිය භාවිතා කළ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් සම්බන්ධ ඒවා වේ. 



අදහස් (0)

එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාව පළිගැනීම්වලට ලක්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site