IMG-LOGO

එකොලොස් වැනි දිවියාත් අකාලයේ දිවි දෙයි

හැටන් කොටගල තේ වත්තක ලඳු කැලෑවක අඩි 5 ක් පමණ දිග අඩි 3 ක් උස දිවියෙකු තවත් දිවියෙකු අබිරහස් ලෙස මැරී ඇතැයි හැටන් පොලිසිය කියයි. වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති මෙම දිවියා ශ්‍රී ලංකාවට ආවේණික සතෙකි.

මර උගුල් වලට හා වෙනත් ක්‍රම වලින් මෙම සතුන් මරා දමන පිරිස් ඇල්ලීමට හැටන් පොලිසිය හා නල්ල තන්නී වන ජීවී කාර්යයාලය පරීක්ෂණ පවත්වයි

මෙසේ අභිරහස් ලෙස මිය ගිය 11 වැනි දිවියා මේ සතාය.

1(1) 3 4(1)



අදහස් (0)

එකොලොස් වැනි දිවියාත් අකාලයේ දිවි දෙයි

සාලිත Monday, 06 June 2016 01:55 AM

උගුලකට අහුවෙලා, වෙඩි වැදිලා, විස ශරීරගත වෙලා නැත්නම් මේ සතා බඩගින්නෙ මැරුනා වෙන්න පුලුවන්. හොයලා බලලා මේ සතුන්ට ආහාර සැපයීමේ ක්‍රමවේදයක් හැදුවොත් හොඳ නැද්ද? මොකද දිවියාගේ ආහාර සුලභ නැහැනෙ අනිත් සත්තුන්ට වගේ (නි)

:       0       0

දිනූ Sunday, 05 June 2016 12:33 PM

කොහොමත් මේ ලංකාවේ අාවේණික සත්වයන්, දේවල් වඳ වී යන කාලයක්නෙ. තව ටික දවසකින් ශ්‍රී ලංකාවට අාවේණික ජන කොට්ඨාශත් මේ විදියටම වඳවීගෙන යයි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 06 June 2016 04:53 AM

මොන දරුණු ගණයේ සතෙක් වුණත් මේ විදිහට මරල දාද්දි හිතට දුකයි. අලි මිනිස් ගැටුම් වගේ තමයි මෙයත්. මේවට නිසි ප්‍රතික්‍රියා නොදැක්වුවහොත් ගහකොළ වනසතුන් පමණක් නොවෙයි සියලුදේම වඳ වෙලා යාවි (නි)

:       0       0

ජයන්ත Sunday, 05 June 2016 12:49 PM

මේ පළාත්වල ඉන්න උදවිය වහාම ඉවත් කරන්න ඕනෑ. නැතිනම් මේ සතාගේ වටිනාකම තේරුම් කරලා දෙන්න ඕනෑ. මේ ජාතික අපරාධය සියලුදෙනා එක්වෙලා වැළැක්වීමට ක්‍රියාමාර්ගයක් වහාම ගතයුතුය. (නි)

:       0       0

දොන් Sunday, 05 June 2016 12:59 PM

ජාතික අපරාධ. දැන්වත් වගකිවයුත්තෝ නිසි පියවරක් ගනීවිද? අඩුගානේ අගමැතිතුමාවත් මැදිහත් වුණොත් හොඳයි. මේවයේ අගය දන්නවා නම් නිසි පියවරක් ගනීවි. මේ රටේ බොහෝ විනාශයන්ට මුල සොබාදහම ඇතුළු වනසතුන් විනාශ කිරීමයි. (නි)

:       0       0

අමිල Sunday, 05 June 2016 01:54 PM

යුද්ධයෙන් පස්සේ ඉවක් බවක් නැතුව හාවුන් මුවන් වැනි සතුන් දඩයම් කිරීම සීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මේකත් එහි එක ප්‍රතිඵලයක් තමයි (නි)

:       0       0

ජයනාත් Sunday, 05 June 2016 03:12 PM

මෙතෙක් කල් කරලා තියෙන්නේ "පය බරවායට පිටිකර බෙහෙත් බඳින" වැඩ. මෙම වනජීවී සංහාරය නවතාලීමට නම් රජය, වනජීවී අමාත්‍යංශය මුදල් වියදම් කළ යුතුයි. ඔය ගම්වැසියෝ අපූරුවට දැනුවත් මේ වන සතුන්ගේ අපරාධකරුවන් ගැන. පොලිසියට මේ වනජීවී අපරාධ කරන්නෝ ගැන නියම ඔත්තුව දෙන්නාට සෑහෙන මුදල් තිළිණයක් නිසි ක්‍රමවේදයකට දුන්නා නම් මේවා නැවත්වීම අසීරු දෙයක් නොවේ. (නි)

:       0       0

තෙෂාන් Monday, 06 June 2016 11:55 AM

කොච්චර කතා කලත්, කොච්චර නීති දැම්මත්, මෙවා නවතින්නේ නැහැ, හොඳම දේ මේ ප්‍රදේශ වල ඉන්න මිනිස්සු වහාම ඉවත් කරන්න ඕන. ඒ වගේම මේ වගේ වැඩ කරන කීපදෙනෙකුට ආපහු අමතක නොවෙන්න පාඩම් උගන්වන්න ඕනේ. (ර)

:       0       0

කුමාර Wednesday, 08 June 2016 03:31 AM

මේ සත්තු මරන්න උගුල් අටවන උදවිය සම්බන්ධව ඔත්තු දෙන පුද්ගලයන්ව රැකියා හොයා දී දිරිමත් කරවන වැඩපිළිවෙලක් හදනවා නම් හොඳයි. මේ වගේ අපරාධකාරයන්ට අවුරුදු 50ක් වත් සිරගත කරන්න නීති තියනවා නම් තවත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site