IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එකමුතුකම පෙනේ මැදරට මංගල සැසියේ

මධ්‍යම පළාත් සභාවේ සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අබේකෝන් මහතා මහනුවර පල්ලේකැලේ පළාත් සභා කාර්යාලයයේ දී පැවැති මංගල සැසියේ දී වැඩි ඡන්ද දෙකකින් තේරී පත් විය.

සභාපති තෝරා ගැනීමේ අවස්ථාවේ දී එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පළාත් සභාවේ සභාපති ලෙස මහින්ද අබේකෝන් (එජනිස) මහතාගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම එස් පොන්නයියා මහතා එම යෝජනාව ස්ථිර කිළේය.

පළාත් සභා සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එල් ඩී නිමල්සිරි මහතා පත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනා කළේය. එජාපයේ යෝජනාව සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චන්න ගලප්පත්ති මන්ත්‍රීවරයා ස්ථිර කළේය.

සභාපති ලෙස නම් දෙකක් යෝජනාවූයෙන් ඔවුන් දෙදෙනා අතර රහස් ඡන්දයක් පැවැති අතර එහිදී මහින්ද අබේකෝන් මහතාට ඡන්ද 29ක් ලැබුණු අතර එල් ඩී නිමල්සිරි මහතාට ඡන්ද 27ක් හිමි විය.

මධ්‍යම පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. එජාපයේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් අද සහභාගී නොවීය.

මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත්‍රීන් 36කි. එජාපයේ මන්ත්‍රීවරු 16ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  2ක් ද, ලංකා කම්කරු කොංග්‍රසයේ 2ක් ද, කදුරට පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් ද, මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් ද වෙති.



අදහස් (0)

එකමුතුකම පෙනේ මැදරට මංගල සැසියේ

සුභාෂිනි Wednesday, 09 October 2013 09:23 PM

හොද පටන් ගැන්මක් කියලා නම් පේනවා (දී)

:       0       0

ජගත් Wednesday, 09 October 2013 10:22 PM

හෙවාහැටට නං හොදට වැඩ කරලා තියනවා ගිහින් මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඉතින් අහන කොටම ගුටි තමා කඩයක් ගත්තා වත්තක් ගත්තා හොදට හම්බකරගත් තව මොනවද (අ)

:       0       0

බණ්ඩාර Thursday, 10 October 2013 02:12 PM

උණුසුම් සුබපැතුම් (දිල්)

:       0       0

රාධිකා Wednesday, 09 October 2013 04:42 PM

මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විරුද්ධ පක්ෂයෙනුත් කෙනෙක් ඉදිරිපත් වුණා නම් තව හොඳයි. (නි)

:       0       0

චන්දිම Wednesday, 09 October 2013 11:46 PM

රදික, නිහාල් අදහස ලස්සනයි. තව ටිකක් ප්‍රායෝගික වුණා නම් හොඳයි (නි)

:       0       0

චමින්ද පුෂ්ප කුමාර Thursday, 10 October 2013 11:07 AM

කතා කරන්න එපා ඒ ගැන නම් (දී)

:       0       0

ජනක Thursday, 10 October 2013 07:34 AM

කොහොම වුණත් එක දෙයක් නම් සිදුවුණ විදිය වැරදියි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 07:28 PM

සුභ පතනවා (දිල්)

:       0       0

නිහාල් Wednesday, 09 October 2013 07:40 PM

සභාපති කෙනෙක් විරුද්ධ පක්ෂයෙන් යෝජනා කරන්න නොහැකිද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 09 October 2013 07:54 PM

මහින්ද අබේකෝන් මහතාණෙනි, ඔබට සුබ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site