IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


එකට ඉපිද එකම දා එකටම යුග දිවියට

(එම්.කේ.නන්දසේන)

කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ  සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක්  දැක ගන්නට ලැබිණ.

මෙලෙස යුග දිවියට එළඹුනේ දෙටගමුව දෙවන පෙල ප්‍රදේශයේ පදිංචි සුජිත් නිශාන්ත මහතාගේ සහ එම මහත්මියගේ දියණියන් වන දිලුම් වින්ද්‍යා , ගෙයුමි තිසාරා සහ විද්මි හංසා යන තිදෙනාය.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඟනායක  කපුගම ශ්‍රී සරණතිස්ස, කතරගම පබ්බතාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවෙි මෛත්‍රී නාහිමි වහන්සේලා නිවසට වැඩම කොට සෙත්පිරිත් සඡ්ජායනා කොට පිරිත් නූල් බැඳ ආගමික වතාවත් හා අනුශාසනා මධ්‍යයේ මෙම මංගල්‍යය ඉටු කිරීම සුවිශේෂී සිද්ධියකි.

ඉන් අනතුරුව විවාහ රෙජිස්ටාර් වරිය නිවස වෙත කැඳවා විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පෝරුවෙි නන්වා චාරිත්‍ර ඉටුකරනු ලැබිණ.



අදහස් (12)

එකට ඉපිද එකම දා එකටම යුග දිවියට

චින්තක Sunday, 12 May 2024 02:02 PM

ඔවුන්ගේ යුගදිවි සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලාභයක් බලාගෙන හෝ නැත්නම් නිවුන්නු නිසා එහෙම කරන්න ඇති. ඒත් ඉතින් අතීතයේ සිට පවතින ජනප්‍රවාද ගැනත් අවධානය යොමුකළා නම් හොඳයි..

:       58       24

kamMonday, 13 May 2024 09:33 AM

මොනවද ජනප්‍රවාද?

:       0       19

SamMonday, 13 May 2024 11:58 AM

එක දවසේ කලා පවුලක පුතාලා දෙන්නෙක් හා දුවක් විවාහ වුණා මතකද? ඒ අය ගැන සොයා බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වේවි...!

:       45       3

NadeeshaTuesday, 14 May 2024 07:32 AM

හොඳින් ඉන්න ,බුදුසරණයි 6 දෙනාටම

:       1       56

fairoos Sunday, 12 May 2024 02:29 PM

මනමාලයා නම් දුකෙන් වගේ..!

:       45       8

pakeer Sunday, 12 May 2024 03:44 PM

සියල්ල අතහරින්න කියන හාමුදුරුවොත් ඇවිත්... සිදුහත්අ කුමාරයා අඹුදරුවන් දාලා තමයි ගියේ බුදු වෙන්නත්...

:       61       5

Senevi Monday, 13 May 2024 05:26 AM

ඒ හාමුදුරුවරු දෙන්නට ආශිර්වාද කරන්න කියලා ගෙදර අය ආරාධනා කරන්න ඇති. වරද කුමක්ද? තෙරුවන් සරණයි!

:       1       18

UpasakaMonday, 13 May 2024 06:17 AM

සියල්ල අත් හරින්න කියන්නෙ කොහේද සමහර හාමුදුරුවරු පුළුවන් තරම් පංසලට දෙන්න කියනවා තමයි පංසලේ වැඩ තියෙනවා කරන්න කියනවා තමයි ඒත් ඔක්කොම හාමුදුරුවෝ එහෙම නැහැ ඒත් බුදුදහමට අනුව සියල්ලම අත් හරින්න කියන්නෙ නැහැ එහෙනම් බුදුහාමුදුරුවෝ ගිහියන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට පිළිපැදිය යුතු උපදෙස් සහිත සිගාලෝවාද සූත්‍රය දේශනාකලේ සියල්ලම අත් හරින්න කියලද නැත්නම් ගිහි ජීවිතය සාර්ථක කරගැනීමටද කියලා තේරුම් ගන්න නුඹලාගෙ එවුන්ට මොළයක් නොමැතිවීම තමයි කණගාටුවට කරුණක් වෙන්නෙ

:       2       46

Nimal Sunday, 12 May 2024 11:02 PM

ලංකාවේ වැඩි දෙනෙක් ඕනම දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින් .... අර බුරුයවයි මිනිහගෙයි කතාව වගේමයි

:       1       34

pakeer Tuesday, 14 May 2024 10:07 PM

උඹලා වගේ මැටි හරක් තමයි .බුද්ධාගම කියන එක ආගමක් කරන තියෙන්නේ .බුදු හාමුදුරුවෝ ගිය එක මල ගෙයක් හරි බගුල් ගෙයක් හරි කියපල්ලා

:       44       6

සරWednesday, 15 May 2024 03:55 PM

බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නේ මළ ගෙවල්වල මගුල් ගෙවල්වල යන්න නෙවෙයි සත්‍ය දහමක් ප්‍රකාශ කරන්න . එහෙත් අනුගාමිකයින් ඒ දහම වටා ගොඩනැඟුණු සංස්කෘතිකාංග පවත්වාගෙන යනවා. එය ඉතා වටිනා කියන දෙයක් මානව ශිෂ්ඨාචාරය තුල. ලංකා සංස්කෘතිය තුළ භික්ෂූන් වහන්සේලා ගර්භනී සමයේ සිට ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයකදීම ආගමික චාරිත්‍ර කොට ආශිර්වාද කිරීම අපේ සම්ප්‍රදායයි එය නොදන්නා මූර්කඛයින් දේශීය සංස්කෘතියට ගරහනවා අපහාස කරනවා පව් ඉතින් කල වැද්දෝ ගැන.

:       2       56

SL Tuesday, 21 May 2024 10:26 AM

පකීර් ල ට ඕවා තේරෙන්නේ නැහැ, ඔලුව පොලවේ ගහගෙන මොලේ හෙල්ලිලා. අන්න එහෙම ගිය 4 දෙනෙක් ඉන්දියාවේදී අල්ලලා

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට සිට වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 18 252 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි
2024 ජුනි මස 18 411 0

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැත


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු
2024 ජුනි මස 18 231 0

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.


රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්
2024 ජුනි මස 18 349 0

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක


අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්
2024 ජුනි මස 18 741 0

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පම


නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 559 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3044 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2493 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site