IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


“එකඟතාවට අපි මග බලා සිටිනවා“

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අඩු කිරීමේ එකඟතාව එනතුරු මග බලා සිටින බව ජනාධිපති මෛත්‍ර‍ීපාල සිරිසේන මහතා සඳුදා ප්‍ර‍ංශයේ පැරිස් නුවර පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුව අමතමින් කියා සිටියේය.

සංවර්ධනය  වෙමින්  පවතින  රටක්  හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත.

උෂ්ණත්වයේ වෙනස්වීම්, වර්ෂාපතනයේ වෙනස්කම් හා මුහුදු මට්ටම ඉහළ යාම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත, ජලය, ජෛව විවිධත්වය, සෞඛ්‍යය, මානව පදිංචි කිරීම්, සංචාරක කර්මාන්තය හා ප්‍රවාහනය ඇතුළු අපේ රටේ ආර්ථිකයේ සියලුම අංශයන්ට පාහේ සෘජුවම බලපෑම් කරයි.

නියඟය, ගංවතුර හා නායයෑම් වැනි සීමාන්තික කාලගුණික තත්ත්වයන් නිසාවෙන් හටගන්නා ස්වභාවික ව්‍යසනයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා ජීවන වෘත්තීන් නිරන්තරයෙන් අහිමි කරවයි.

තාක්ෂණය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතට ගෙනයාම තුළින් එම රටවල ජනතාවට එම කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේත්, ඒවා අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය වූ ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමේත් හැකියාව තහවුරු වනු ඇත.

ගෝලීය අර්ථයෙන් ගත් කළ අපේ ඒක පුද්ගල විමෝචනය පහත මට්ටමක පැවතිය ද දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් කෙරෙන වෑයම්වලට අපි ද දායක වී ඇති අතර ඉදිරියට ද එසේ දායක වන්නෙමු. අපේ රට ගැන කතා කළහොත්, ශ්‍රී ලංකාව දේශගුණයට හිතැති වැඩසටහන් දියත් කොට ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි.

1988 දී මෝල්ටාවේදී කාලගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය දියත් කිරීමට මඟ පෙන්වූ ඓතිහාසික මුල පිරුම අපි හඳුනාගෙන ඇත්තෙමු.

දේශගුණය පිළිබඳ එළඹීමට නියමිත එකඟතාවෙහි කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ජාතික වශයෙන් සිදු කිරීමට අදහස් කරගෙන සිටින දායකත්වයන් ශ්‍රී ලංකාව දැනටමත් සන්නිවේදනය කොට තිබේ.

මෙම ඓතිහාසික වගකීම සැලකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍ය වේ.

පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැලඳගැනීම අපට අවශ්‍ය වුවද මෙම සියවස තුළ  උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකට පහළින් තැබීම සඳහා අපට විවිධ වගකීම් ඇති අතර ඒ සඳහා අදාළ හැකියාවන් ද තිබිය යුතුය.

පැරිසියේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේ සාර්ථකත්වය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් පහත හෙළීම, ගෝලීය උෂ්ණත්වය හා පෙර නොවූ විරූ දේශගුණික විපර්යාසවල බලපෑම් අඩු කිරීමට නීතිමය වශයෙන් වූ එකඟතාවකට බැඳීමට මඟ බලා හිඳියි.

අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, වත්මන් හා අනාගත පරම්පරාවන්හි නාමයෙන් වූ ශ්‍රී ලංකාවේ හෘදයාංගම අපේක්ෂාව නම් පොදු රාජ්‍ය මණ්ඩලයීය දේශගුණික ක්‍රියාමාර්ගය මේ මොහොතේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා පාලමක් සකසනු ඇති බවයි.

මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියාණන් වන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව බෞද්ධයකු ලෙස මා දැඩිව විශ්වාස කරමි. තිරසර සංවර්ධන සංකල්ප පිළිබද දේශනා කළ පළමු දාර්ශනිකයා වන්නේ ද බුදුරජාණන් වහන්සේයි.

අපට ආගන්තුක සත්කාර දැක්වූ මෙන්ම මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මහෝපකාරී වූ මෙහි සංවිධායක - සංවිධායිකාවන්ට ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙමි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

01 copy(1) 02(161) 04 copy(2) 06(74) - Copy 07 copy



අදහස් (0)

“එකඟතාවට අපි මග බලා සිටිනවා“

රොහාන් දයාදර Tuesday, 01 December 2015 06:19 AM

ප්‍රංශ ජනාධිපති මුණගැසුන වෙලාවේ ලංකාවේ කුණු ප්‍රශ්නය ගැන විසඳුමක් ගන්න විදියක් කතාකරගත්තා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ශානක Tuesday, 01 December 2015 09:36 AM

අනේ ඉතින් මේවා අහන්න වුනානේ්‍.(හේ)

:       0       0

ගමගේ Tuesday, 01 December 2015 09:37 AM

දේශගුණික විපර්යාස අඩු කරන්නද හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් කාර් වල ටැක්ස් එක වැඩි කරේ .(හේ)

:       0       0

ධනුෂ්ක Tuesday, 01 December 2015 10:25 AM

හොඳටම පිස්සු. නැගෙනහිර අරබියක් කරන්න යන්නේ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site