IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඌව විදුලියට දේශපාලන ඉරිසියාව හරස් වේ

ඌව උදානය යටතේ සියඹලාණ්ඩුව දනකිරිය ගමේ පවුල් 150 කට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක වියදමින් ඉදි කළ විදුලි බල යෝජනා ක්‍රමය විවෘත කිරීමට ගිය ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දේශපාලන අලකලංචියකට මුහුණ පෑවේය.

පසුගිය සිකුරාදා සවස පහට පමණ එහි ගිය මහ ඇමැතිට  විදුලිය විවෘත කිරීමට හැකි වුයේ පසුදා අලුයම එකට පමණය.එතෙක්  අටපැයක් ගමේ රැදී සිටීමට ඔහුට සිදු වුයේ විදුලිය විසන්ධිකර තැබු හෙයිනි.

අම්පාර විදුලිබල මණ්ඩලයෙන් විදුලි සේවකයන් පැමිණ නොසීටිම නිසා මහ ඇමැති මෙසේ රස්තියාදුවට ලක් විය. මහ ඇමැති විදුලිබල මණ්ඩල ලේකම්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසු අම්පාරෙන් පැමිණි විදුලි බලමණ්ඩල සුළු සේවකයින් පැවසුයේ තමන් ට්‍රාන්ස්‍ෆෝමර ඇතුළු විදුලි උපකරණ රැගෙන ආවත් ප්‍රදේශයේ දේශපාලන බලයක් තමන් ආපසු හරවා යැවු බවයි.

මේ වැඩපිළිවෙළට එරෙහිව පුද්ගලයින්ගේ නම් ගම් කියමින් කුපිත වු ජනතාව සන්සුන් කිරීමට මහ ඇමැතිට මහත් වෙහෙසක් දැරීමටද සිදු විය.ඔවුන් පැවසුයේ  මහ ඇමැතිගේ මොණරාගල  සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලනඥයින්ගේ රහස් බලවේග මතු වී ඇති බවයි.

කවර බලවේග පැමිණියත් තමා පසුබට නොවන බවත් නිලධරයන් සිය රාජකාරීය හරියට ඉටුකරන බවත් එසේ නොකරන අයට සමාවක් නොලැබෙන බවත් මහ ඇමැති එහිදී කියා සිටියේය.

 



අදහස් (0)

ඌව විදුලියට දේශපාලන ඉරිසියාව හරස් වේ

උපාලි Monday, 14 October 2013 05:10 AM

"දරුවෝ රණ්ඩුවෙලා ගහගෙන තාත්තා ළගට දුවලා ගිහින් කිව්වහම තාත්තා අවවාද කරනවා. සමහර තාත්තලා පුතාලට වැඩියෙන් ආදරෙයි. සමහරු එහෙම නැහැ." (නි)

:       0       0

පාලිත Sunday, 13 October 2013 07:58 PM

යායුතු තැනට යනවාමයි ගලන ගඟ.(නදී)

:       0       0

ප්‍රසාන් Sunday, 13 October 2013 12:58 PM

කොමිස් මුදල් ගත්තේ කව්ද ?(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 13 October 2013 01:20 PM

මහජන මුදල් වලින් කරන වැඩ වලට හරස්වන අය දෙලොවටම නැති ජාතියක්.(නදී);

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Sunday, 13 October 2013 01:21 PM

වහාම පියවරක් ගන්න මහා ඇමතිතුමෝ .වරද කරුවන්ට දඩුවම් දී රටට ප්‍රසිද්ද කරන්න කව්ද කියලා.(නදී);

:       0       0

සුජීව Sunday, 13 October 2013 01:43 PM

අපේ රට ගැන දුකයි.(නදී)

:       0       0

පද්මිණි Monday, 14 October 2013 10:18 AM

ශෂින්ද්‍ර නම් නළුවෙක් වගේ ලස්සනයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 October 2013 02:28 PM

මේක නම් මම මටම ගහ ගත්තා වගේ වැඩක් ?(නදී)

:       0       0

රාමා Sunday, 13 October 2013 02:43 PM

රාජපක්ෂලාට සලකන්නේ මෙහෙම නම් අනික් අයට කොහොමද අන්තිමට දුක් විඳින්නේ මහා ජනතාව? වැරදී කෙනා හොයල දඬුවම් දෙන්න ඕන (නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 13 October 2013 03:22 PM

ලග එන පළාත් සභා ජන්දෙට හොදම නාට්‍ය , පළාතේ මහා ඇමැතිටත් වඩා ඉහලින් ඉන්න බලාවතා කවුද ? මේවට කුලප්පු වෙන මිනිස්සුත් ඉන්නවනේ ඇත්තට (නදී)

:       0       0

ධම්ම Sunday, 13 October 2013 04:19 PM

බවලතා හා බලවතා අතරට මැදිවුණු දුප්පතාට දෙවියන්ගේම පිහිටයි! (ත)

:       0       0

වාස් Sunday, 13 October 2013 04:21 PM

මේ වගේ දේශපාලනයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site