IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඌව පළාත් සභා මන්ත්‍රීන්ට රුසියානු සංචාරයක්

බිඟුන් මේනක ගමගේ

 

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට රුසියාවේ චාරිකාවක් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින්නේ යැයි එහි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එවැනි චාරිකාවක් ගැන යෝජනාවක් සිදුව ඇතැයි ද ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය යන තේමාව යටතේ එය සාකච්ඡාවට ලක්ව ඇතැයි ද කීවේය.

 

ඌව පළාත කෘෂිකාර්මික පළාතක් වුවද එය කර්මාන්තයක් වශයෙන් ප්‍රමාණවත් දියුණුවක් ලබා නොතිබීම නිසා කෘෂිකාර්මික සංවර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ අරමුණෙන් මෙවැනි චාරිකාවක් යෝජනවා වී ඇතැයි කීවේය.

 

එහෙත් ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම සංචාරය ගැන තමා කිසිවක්ම නොදන්නා බවයි.

 

පළාත් සභාවල මන්ත්‍රීවරුන් අධ්‍යාපන චාරිකාවල මුවාවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරන බවට ජනාධිපතිවරයා චෝදනා කළ අතර ඒ අනුව ඔවුන්ගේ විදෙස් ගමන් බිමන් සඳහා ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට කැබිනට් යෝජනාවක් ද සම්මත කෙරිණි.

 

මීට පෙර මධ්‍යම පළාත් සභාව ද රුසියානු සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 650ක මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කළ අතර ඊට එල්ල වූ දැඩි විවේචන හමුවේ එම මුදල රුපියල් ලක්ෂ 450 දක්වා කප්පාදු කිරීමට එහි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කළාය. 



අදහස් (14)

ඌව පළාත් සභා මන්ත්‍රීන්ට රුසියානු සංචාරයක්

akila Thursday, 19 July 2018 11:58 AM

යවන්නම ඕනේ නම් එක්කෙනක් දෙන්නෙක් යැවුවහම හොඳටම ඇති. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා ඉගෙන ගත්තු කරුණු අනුව වාර්තාවක් හදලා, මහජනතාවට දැනගන්න සලස්වන්න .

:       0       134

pissa Thursday, 19 July 2018 01:38 PM

අපරාදේ. ටිකක් වේලාසන යවන්න තිබ්බේ. පාපන්දු වර්ල්ඩ් කප් එකත් බලන්න...

:       0       190

hasantha Thursday, 19 July 2018 05:55 PM

අධ්‍යාපන චාරිකා සියල්ලම අවලංගු කල යුතුයි. මොවුන් ගොඩක් නිදහස් අධ්‍යාපනෙන් අවුරුදු ගානක් දැනුමක් ලබා නොගත්ත අය. එහෙම අය සති කිහිපයකින් මොනවා ඉගෙන ගනී කියලද. ඊට වඩා ලාභ, ඵලදායී හා ඉක්මන් දෙයක් මාර්ගගත හමුවීම් වලින් ගන්න පුළුවන්. පරිවර්තකයන්, ඇත්තටම දැනුම තියෙන පුද්ගලයන්, ලේකම් වරුන් ඔක්කොම එකම කාමරේ ඉදන් රුසියා නියෝජිතයන්ට කතා කරන ගමන් ඔව්න්ගේ වීඩියෝ ඉදිරිපත් කිරීම් බැලුවනම් හොද දැනුමක් ගන්න පුළුවන්.

:       0       361

BamunuarachchiThursday, 19 July 2018 10:24 PM

ඔබ හරියට හරි පළාතේ සුබසිද්දිය සඳහා යෙදිය යුතු මුදල් නේද මේ කාබාසිනියා කොරන්නේ. අවුරුදු ගානක් පාසලකට ගොස් ඉගෙනගන්න බැරිඋන එවුන් සුමාන කීපයකින් මොනබම්බුවක් ඉගෙනගන්නද?

:       0       217

Siri Thursday, 19 July 2018 07:37 PM

රුසියාවෙන් වියදම් කරනවානම් ප්‍රශ්නයක් නැහැනේ ! මේක ඔව්න්ට ලැබෙන හොඳ අවස්ථාවක්.

:       314       0

vidya Thursday, 19 July 2018 08:04 PM

ඉස්සරලම ඔය නාම පුවරුව තීන්ත ටිකක් ගාල පිරිසිදු කරන්න. රටටත් ලජ්ජ්ය් . රුසියාව කියන්නේ තක්කඩියෙක්, හොරෙක් පාලනය කරන රටක් . එය දැන් අගාදයටම වැටිලා. මේ සෙට් එක ඉන්දියාවට යවන්න. ඉන්දියාව දියුණු මිනිසුන් සිටින රටක්. එකේම නැතිනම් අභාවයට යන ගඩොල් සහ උළු කර්මාන්තය කරන්න අපේ ගන් වලට එවන්න .

:       110       129

rasika Thursday, 19 July 2018 09:46 PM

" රුසියානු සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 650ක මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කළ අතර" රටේ මිනිස්සුන්ට කන්න නැහැ, පාසල්වල අවම පහසුකම්වත් න.. මෙයාල සංචාර ගහනවා අපේ සල්ලි වලින්. මෙයාල මොනවද මෙච්චර කල් පිටරටින් ඉගෙනගෙන ඇවිත් කරපුව. ලංකාවේ ඕනෙතරම් ඉන්නවා දියුණු රටවල ඉගෙනගත්ත.. ඒවායේ අවුරුදු ගණන් ජීවත්වෙච්ච අත්දැකීම් තියෙන ය. මෙයාලට ඕනෙනම් ඒ වගේ උගත් අයව සම්බන්ද කරගෙන සංවර්දන සැලසුම් හදන්න පුළුවන්නේ. මේවා සම්පූර්ණ බොරු වැඩ..

:       1       316

ජගත් ලියනගේ Thursday, 19 July 2018 09:53 PM

රුසියාවට ගිහිල්ල, පිරිමි අයට අර කට්ටිය වත් හම්බු වෙලා එන්න බැරියැ . ජනතාවට වැඩ කරල මහන්සිත් ඇතිනෙ .

:       0       219

Mahee Thursday, 19 July 2018 11:44 PM

මේ චාරිකාව අත්‍යවශ්‍යයි. කර්මාන්ත දියුණු කරන්න ඉගෙන ගන්න ගමන් එහෙ ගුරුවරුන් දනගස්වන්නේ හතරගාතෙන්ද, හිටගෙනද ආදී වශයෙන් වැඩිදුර අධ්‍යනයකුත් කරන්න පුළුවන්.

:       0       55

abaran Thursday, 19 July 2018 11:57 PM

වර්තමාන ලෝකයේ, දැනුම ඕනෑම හද්දා පිටිසරක ඉඳන් උනත් ගත හැකියි...එහෙව් එකේ ජහමනයාගේ මුදල් අවබාවිතා කරමින් මේ යන්නේ විනෝද චාරිකා මිසක් රටට වැඩක් වෙන දෙයකට නොවේ....කුමන පක්ෂය ආවත් ජනාදිපතිගේ සිට පළාත් බබා දක්වාම කරනුයේ රටට වින්නැහියකි ...

:       0       216

Sanath Friday, 20 July 2018 12:33 AM

පළාතේ රෝහල් උපකරණ , කාරිය මණ්ඩල , ගිලන් රථ , ඇඳන් , ඉඳගන්න පුටු පවා නැතිව වේලනවා , මිනිස්සු මහමග බස් නැතිව වේලනවා , ඉස්කෝල වලටත් එහම්මමි, එඅ මදිවට තවත් බදු ගහනවා මුන්ට රට සවාරි යන්න .

:       0       219

nihal Friday, 20 July 2018 01:28 AM

රටේ සල්ලි කාබාසිනියා ආකාරයෙන් මුන්ගේ උගත්කම පේනවා නොහැකියාවෙන් මුන් රට නයකන්දරවෙන් ගොඩ ගන්න දන්නේ නැත

:       0       112

nihal Friday, 20 July 2018 01:28 AM

රටේ සල්ලි කාබාසිනියා ආකාරයෙන් මුන්ගේ උගත්කම පේනවා නොහැකියාවෙන් මුන් රට නයකන්දරවෙන් ගොඩ ගන්න දන්නේ නැත

:       0       80

Chandima Friday, 20 July 2018 03:57 AM

සමහරු රට සවාරි යනවා අපද්‍රව්‍ය කළමනාකරණය ඉගෙනගන්න. රට පුරා කුණු එහෙමමයි. මේගොල්ලෝ යන්නේ ග්‍රාමීය දියුණුව ඇති කරන්න. රුසියාවේ ගමකුයි ඌවේ ගමකුයි හරියට හරකයි අශ්වයයි වගේ නෙමෙයිද? මේවට සල්ලි විදම් කරන්නේ රුසියාවක් නෙමෙයි අපේ බදු මුදල් ටිකම තමයි. මුළු රටම එකතුවෙලා මේ වගේ වංචනික කපටි අවස්ථාවාදී ගසාකන පුහු සංචාර නතර කිරීමට උද්ඝෝෂණය කලයුතුයි. පුහුණු වැඩමුළු ඕනිනම් ඒ රටේ තානාපතිවරු හරහා එහෙ වියදමෙන් විශේෂඥයන් මෙහෙ ගෙන්වලා කරගන්න කියමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 220 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 496 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 380 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2052 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 536 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1523 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1270 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1534 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site