IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඌව පළාත් සබේ තව කොස්සක්

හිටපු මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සහ මන්ත‍්‍රී රවින්ද්‍ර සමරවීර මහතා පාර්ලිමේන්තුවට පත් වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ධූර දෙකෙන් පළමුවැන්නට තමා පත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්ට සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා කේ.පී.ජී.පී විජේවර්ධන මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ලැබූ මනාප අනුව ලැයිස්තුවේ ඊළඟට සිටින තැනැත්තා තමන් බැවින් පළාත් සභා මැතිවරණ පනත අනුව එම පුරප්පාඩු සඳහා තමන් පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරයා බැඳී සිටින බව පෙත්සම්කරු කියා සිටී.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය,එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් , ඩබ්ලිව්.එස්.පටබැඳිගේ, එම්.සචිත‍්‍රානන්දන්,ඌව පළාත් සභාවේ ලේකම් ඇතුළු 15 දෙනෙක් වගඋත්තරකරුවෝ වෙති.



අදහස් (0)

ඌව පළාත් සබේ තව කොස්සක්

අංගොඩ ලාල් Wednesday, 16 September 2015 08:36 AM

අපේ රටේ මැතිවරණ ක්‍රමයේ සහ මැතිවරණ නීතියේ තියෙන අවුල් තමයි මේවයින් පෙන්න තියෙන්නේ . පහුගිය කලේ පුරාවටම සිද්ධ වුණේ මේ නීති සහ අනපනත් තමන්ට වාසි විදියට අර්ථ දැක්වීමනේ . බැලු බැල්මටම මෙතන ලොකු වැරද්දක් වෙලා තියෙන බව පැහැදිලියි . (ම)

:       0       0

නන්දලාල් Wednesday, 16 September 2015 09:06 AM

බලයට තියෙන කෑදර කම හා ඉන් ලැබෙන සුවදායක ප්‍රතිපල, මහජනයාට සේවය කිරීමට වඩා ලොකු බව මෙවැනි දේවලින් මොනවට පැහැදිලි වෙනවා.(ම)

:       0       0

ඩයස් Wednesday, 16 September 2015 10:32 AM

ඊළඟට සිටිනා පුද්ගලයාට අවස්ථාව දියයුතු බවයි මමත් කියන්නේ (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 16 September 2015 07:14 AM

අනිවාර්යයෙන් වෙන්න ඕන ඒකනේ. එහෙම නැතිනම් මොකටද ඡන්ද තියන්නේ (බ)

:       0       0

මොහොන් Wednesday, 16 September 2015 07:29 AM

අනිවාර්යෙන් වෙන්න ඕන නැහැ කියල ව්‍යවස්ථාවේ ඇති. නැත්නම් ඔහොම දෙයක් කරන එකක් නැහැ .(ම)

:       0       0

අජන්ත Wednesday, 16 September 2015 07:42 AM

මෙයා අනිත් පැත්තට පැන්න (බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 16 September 2015 08:01 AM

ඡන්ද ප්‍රතිපලය අනුව මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site