
(ප්‍රසාද් රුක්මල් )
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා සෙසු පාසල් සියල්ල සදහා 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා පවසයි .
පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද පෙට්ටි නිකුත් කිරීම මෙන්ම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බදුල්ල ධර්මදූත විදුහල සදහා ඊයේ (7) සිට නිවාඩු ලබා දුන් බවත් , ජන්ද පෙට්ටි නිකුත් කරන , ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහලට, සහ තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට අද (8) සිට නිවාඩු ලබා දුන් බවද හෙතෙම කීය .
මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රියදුරන් ට නවාතැන් පහසුකම් සලසා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලට සහ බදුල්ල සරස්වති මහ විදුහලට 12 වන අගහරුවාදා සිට ද, මැතිවරණ රාජකාරි සදහා පැමිනෙන කාන්තා පොලිස් නිළධාරින් ට නවාතැන් පහසුකම් සලසා දීමට තෝරා ගත් බදුල්ල දෙමල බාළිකා විදුහලට 13 වන බදාදා සිට නිවාඩු ලබා දෙන බවද ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය .
පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් පලාතේ පාසල් සදහා ලබන 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව පවසන ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ලබන 18 වන සදුදා දින සියලුම පාසල් යලි සාමාන්‍ය පරදි ආරම්භ වන බවද පැවසීය .
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු