ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් බදාදා (17) සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 12000ක් යොදවා මොණරාගල හා බදුල්ලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජංගම සංචාර සහ මාර්ග බාධක සඳහා විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද නියමිතය.
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඌවට පොලිසියෙන් 12000ක්
ශාන්ත Wednesday, 17 September 2014 03:32 AM
මොනවාටද දැන් පොලිසියෙන් දාන්නේ ? කරන්න ඕන හරිය දැන් කරගෙන ඉවරයිනේ (නදී)
පියුමි Tuesday, 16 September 2014 03:18 PM
දැන් පොලිසියේ 120,000,000 දැම්මත් වැඩක් නැහැ.පෙරහැර ගිහිල්ල ඉවරයි මේ අයත් එකම පැත්තෙනේ (අ)
තිලකා Tuesday, 16 September 2014 03:48 PM
පියුමි තාම පෙරහැර ගියේ නැහැ. 21 දා නිදිමරන්න එපා. කට සෝදා ගෙනම ඇවිත් රුපවාහිනිය බලන්නකෝ. (අ)
ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 04:05 PM
රටේ නීතිය හා සාමය රැකීමට ත්‍රිවිධ හමුදාවම බැදී සිටිනවා.හමුදාවේ 2000 ක් ඇරියා නම් ඇති පොලීසියට පෝස්ටෙර්,කටවුට් ගලවන්න ඉඩ දීලා! (ස)
ප්‍රභාත් Tuesday, 16 September 2014 08:37 AM
ඔය කොපමණ වියදම් කලත් අන්තිමේ ඡන්දය ලැබෙන්නේ ගැමියාගේ දුක හඳුනාගත්, මරණයකට, මගුලකට සහභාගිවෙන සමාජ සේවයට කැපවී සිටින දේශපාලනයෙන් මුදල් මඩි නොගැසූ යු.ඇන්.පී හරීන්ටයි.(නදී)
ලයනල් Tuesday, 16 September 2014 04:55 PM
ආලෝකයක් අද මෙහි හැම තැන පැතිරේ - ඇයි තව තවත් ඔබලා ඉන්නේ අඳුරේ - කරුණක් කියන්නම් අහගන් මගේ මිතුරේ - වැඩි ගණනකින් දිනනවා අපේ සශින්දරේ. (ස)
අචිනි Tuesday, 16 September 2014 09:10 AM
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.( මෙය විපක්ෂයට පමණක් අදාල බව කරුණාවෙන් සලකන්න ) (නදී)
දිනේෂ් Tuesday, 16 September 2014 09:58 AM
ඡන්දයට උදව් කරන්නද ? (නදී)
ප්‍රදීප් Tuesday, 16 September 2014 10:21 AM
මේ කොහොම උනත් මරා ගන්නවා (දී)
රෙජි-සිඩ්නි. Wednesday, 17 September 2014 12:16 AM
මේ රටේ ඡන්දයක් පැවැත්වෙන්නේ හරිම සාමකාමීව. කිසිම කෙනෙක් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ නැහැ. පොලිසියේ ආරක්ෂාවකුත් ඕනෑ නැහැ. පුරවැසියෙක් ඡන්දය නුදුන්නොත් දඩයක් ගෙවන්න ඕනෑ.තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. ඇයි අපේ රටේ එහෙම වෙන්නේ නැත්තේ? (නි)
නිල්මිණි Tuesday, 16 September 2014 11:49 AM
පක්ෂය කුමක් උනත් වරදට නිතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
නන්දිත Tuesday, 16 September 2014 11:46 AM
මෙහෙම බයේ චන්ද කරලා වැඩක් තියෙනවද (දී)
ධම්මික Tuesday, 16 September 2014 12:15 PM
අනේ කියවෙනවා නේද (දී)
සොයිසා Tuesday, 16 September 2014 12:41 PM
මේවාට කියන්නේ මැතිවරණ කියලාද (දී)
සත්‍යයා Wednesday, 17 September 2014 03:14 AM
අපි අධි සුඛෝපබෝගී වාහන වල ගමන් ගියාට රු. එක්ලක්ෂ පනස් දාහේ සපත්තු දැම්මට විලි වහ ගන්න ටයි කෝට් ඇන්ඳට තවම ජීවත් වෙන්නේ ගෝත්‍ර සමාජ වල. මේවා ට ඡන්ද කියන්නේ ජනතාව රවටන්න. නියම වචනය "ගෝත්‍ර යුද්ධ" (නදී)