(කුරුණෑගල අධිකරණ වාර්තාකරු)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අද නියෝග කළේය.
සාක්ෂි නොමැති අවස්ථාවකදී සැකකරුවකුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පැහැදිළිව දක්වා තිබෙන බවත්, එහි 116 වගන්තිය අනුව කටයුතු කළ යුතු බව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය .
තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇති ආකාරයේ දෝෂ පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ විමර්ෂන අංශයක ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කරන්නේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරීන්, එසේ පත්කිරීම් සිදුකිරීමෙන් බලාපොරාත්තු වෙන්නේ එම විමර්ශන නීත්‍යනුකූල තත්වයන් තුළ සිදු කළ යුතුයි. සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළිව නඩු තීන්දු ගණනාවක් තිබෙනවා, මෙම නඩුවේදී ද එලෙස කටයුතු කළ යුතුව තිබුණු බව ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දන්වා සිටියේය.
ඒ අනුව සැකකරුට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මහාධිකරණයට නිරීක්ෂණය වන බව සඳහන් කරමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උළුගේතැන්නට ඇප දුන් අධිකරණයෙන් සී.අයි.ඩීයට දොස්